ජනපති ලබන මස අමෙරිකාව හා ජපානයේ සංචාරයක
ජනාධිපති අනුර කුමාර දිසානායක ලබන සැප්තැම්බර් 24 වැනිදා නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගිවීමට නියමිතව තිබෙන බව සදහන්.
එයට සහභාගී වීමට ජනාධිපතිවරයා සැප්තැම්බර් 23 වැනිදා අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතයි.
එම සංචාරයේදී ජනාධිපතිවරයා අමෙරිකාවේ ජීවත්වෙන ශ්‍රි ලාංකික ප්‍රජාව හමුවීමට ද නියමිතව තිබේ.
අනතුරුව නිල සංචාරයක් සදහා ජනාධිපතිවරයා ජපානය බලා පිටත්ව යාමට නියමිත ඇති බවත් සදහන් එම සංචාරයේදී ජනාධිපතිවරයා ජපානයේදී පැවැත්වෙන ශ්‍රී ලාංකික දින උත්සවයට සහභාගිවීමට ද නියමිතව ඇත.