A9 මාර්ගයේ මාරක රිය අනතුරක්

Jaffna Accident Death Sinhala news gagana news
By Mithu Aug 11, 2025 03:39 AM GMT
Mithu

Mithu

Report

දිවයින පුරා දෛනිකව රිය අනතුරු රැසක් වාර්තාවන අතර ඒ අනුව මහනුවර යාපනය A9 මාර්ගයේ කොඩිකාමම් පොලිස් වසමේ දී ටිපර් රථයක් හා යතුරුපැදියක් ගැටී සිදු වූ රිය අනතුරකින් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (10) රාත්‍රී 7ට පමණ ආසපුල්ලේ ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත. මෙහිදී මාර්ගය අයිනේ නවතා තිබූ යතුරුපැදියක් මත එහි පැදිකරු සිටි අවස්ථාවේදී, යාපනය දෙස සිට වව්නියාව දෙසට ධාවනය වූ ටිපර් රථය ගැටී තිබේ.

උසස් පෙළ සාමාන්‍ය පෙළ පැවැත්වෙන දිනයන් නිල වශයෙන් ප්‍රකාශ කරයි

උසස් පෙළ සාමාන්‍ය පෙළ පැවැත්වෙන දිනයන් නිල වශයෙන් ප්‍රකාශ කරයි

ටිපර් රථ රියදුරු යතුරුපැදියේ සිය රථය ගැටීම වැළැක්වීමට තිරිංග ක්‍රියාත්මක කරන අවස්ථාවේ, ඊට පිටුපසින් එම දිශාවටම පැමිණි කූලරය සහිත ලොරි රථයක් ටිපර් රථයේ පිටුපස ගැටී ඇත.

ඒ හේතුවෙන් ටිපර් රථය ගොස් නවතා තිබූ යතුරුපැදියේ ගැටී ඇති අතර, කූලරය සහිත ලොර් රථය ද ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කාර් රථයකද ගැටී තිබේ. යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා චාවකච්චේරිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මෙච්චර ඉක්මනට ශිෂ්‍යත්ව ප්‍රතිඵල?ප්‍රතිඵල එන දිනය මෙන්න

මෙච්චර ඉක්මනට ශිෂ්‍යත්ව ප්‍රතිඵල?ප්‍රතිඵල එන දිනය මෙන්න

එමෙන්ම ටිපර් රථයේ රියදුරු, කූලරය සහිත ලොරි රථයේ රියදුරු, එම රථයේ රිය සහායක, කාර් රථයේ රියදුරු සහ ඔහුගේ පුත්‍රයා තුවාල ලබා ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කර තිබේ. මරණකරු වයස අවුරුදු 37ක් වූ කරම්පහම්, මිරුසුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පැවසීය.

නිරුවත් ඡායාරූප අලෙවිකර ලක්ෂ ගණන් හෙවූ අනග මල්සරා මාට්ටු

නිරුවත් ඡායාරූප අලෙවිකර ලක්ෂ ගණන් හෙවූ අනග මල්සරා මාට්ටු