"ජනාධිපති ලේකම්ගේ බිරිද නිල රථයෙන් ගිය එක වැරැද්දක් නෙමෙයි හැමදේම වුණේ චක‍්‍රලේඛයට අනුව" - අමාත්‍ය නලින්ද

Report

ජනාධිපති ලේකම්වරයාගේ නිල රථය ඔහුගේ බිරිඳ සහ රියදුරුගේ පෞද්ගලික ගමන් සඳහා යොදාගෙන සිටියදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

සුභ ආරංචියක් රාජ්‍ය සේවක වැටුප් ඉහළට රු. කෝටි 11,000ක් වෙන් කරයි

සුභ ආරංචියක් රාජ්‍ය සේවක වැටුප් ඉහළට රු. කෝටි 11,000ක් වෙන් කරයි

ඔහු සදහන් කළේ, රාජ්‍ය නිලධාරියෙකුට හිමි නිල රථ පෞද්ගලික භාවිතය සම්බන්ධයෙන් නියමිත චක්‍රලේඛයක් පවතින අතර, එම නියමයන්ට අනුවම මෙම රථය භාවිතා කර ඇති බවය.

ජනපති අනුර හෝටල් හිමි කාන්තාවක් හා යන මඩ ප්‍රචාර වලට ඇමති නලින්ද පිළිතුරු දෙයි

ජනපති අනුර හෝටල් හිමි කාන්තාවක් හා යන මඩ ප්‍රචාර වලට ඇමති නලින්ද පිළිතුරු දෙයි

එම අනතුරෙන් පසුව තලංගම පොලීසිය විසින් නීතිමය පියවර ගත් අතර, රියදුරු කඩුවෙල අධිකරණයේදී රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත නිදහස් කර ඇති බවද ඔහු පැහැදිලි කළේය.

අත්අඩංගුවට ගන්න කලින්ම ඇප ඉල්ලන දේශබන්දු - අධිකරණ තීරණය මෙන්න

අත්අඩංගුවට ගන්න කලින්ම ඇප ඉල්ලන දේශබන්දු - අධිකරණ තීරණය මෙන්න

ඊට අමතරව, අනතුරින් පීඩාවට පත් වූ පුද්ගලයින්ට වන්දි ලබාදීම සඳහා ද අදාල පියවරයන් ගන්නා බව අමාත්‍යවරයා සදහන් කළේය.

මෙම සිදුවීම විවිධ ලෙස විවරණය කළ හැකි වුවද, නීතිය මේ අවස්ථාවේ නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වී ඇති බව ඔහු අවධාරණය කළේය.