අත්අඩංගුවට ගන්න කලින්ම ඇප ඉල්ලන දේශබන්දු - අධිකරණ තීරණය මෙන්න

Report

දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ගොනු කර ඇති අපේක්ෂිත ඇප අයදුම්පතට එරෙහිව ලිඛිත විරෝධතා ඉදිරිපත් කිරීමට අවශ්‍ය කාලයක් ලෙස, කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය අගෝස්තු 7 වනදා දක්වා කාලය ලබාදී ඇත.

පොලිස්පති ධුරයෙන් පහකළ දේශබන්දුගේ කෙරුවාව ආරක්ෂක ඇමති එළිකරයි

පොලිස්පති ධුරයෙන් පහකළ දේශබන්දුගේ කෙරුවාව ආරක්ෂක ඇමති එළිකරයි

මහේස්ත්‍රාත්වරිය පැවසුවේ, ලිඛිත විරෝධතා සලකා බැලීමෙන් පසු අදාල නියෝගය නිකුත් කරන බවයි.

ජනපති අනුර හෝටල් හිමි කාන්තාවක් හා යන මඩ ප්‍රචාර වලට ඇමති නලින්ද පිළිතුරු දෙයි

ජනපති අනුර හෝටල් හිමි කාන්තාවක් හා යන මඩ ප්‍රචාර වලට ඇමති නලින්ද පිළිතුරු දෙයි

2022 ජුලි මාසයේදී කොළඹ ගාලු මුවදොර ප්‍රදේශයේ විරෝධතාවයන් විසුරුවා හැරීම සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයට අදාළව, දේශබන්දු තෙන්නකෝන් මහතා සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගනු ලැබුවහොත්, ඔහුට ඇප ලබාදීම සඳහා අධිකරණයෙන් නියෝගයක් ලබාගැනීමේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ඔහුගේ නීතිඥ මණ්ඩලය මගින් ගොනු කර ඇත.

සුභ ආරංචියක් රාජ්‍ය සේවක වැටුප් ඉහළට රු. කෝටි 11,000ක් වෙන් කරයි

සුභ ආරංචියක් රාජ්‍ය සේවක වැටුප් ඉහළට රු. කෝටි 11,000ක් වෙන් කරයි

පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අජිත් පතිරණ මහතා, නීතිඥ තරිඳු වික්‍රමාරච්චි සහ අයේෂා ගමගේ මහත්මිය අධිකරණය හමුවේ පෙනී සිටියහ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා අද අධිකරණය හමුවේ පෙනී සිටියේය.