ජනාධිපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයිද?
හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ දියණිය වන තුෂ් වික්‍රමනායක මහත්මිය විසින්, ජනාධිපති ලේකම්වරයා වහාම තම තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බවට දැඩි ප්‍රකාශයක් සිදු කර ඇත.
මෙම විවෙචනය ඉදිරිපත් කර ඇත්තේ, ජනාධිපති ලේකම්වරයාගේ බිරිඳ ගමන් කළ නිල රථය සම්බන්ධව සිදුවූ මාර්ග අනතුරකට ප්‍රතිචාරයක් ලෙසය. අදාළ අනතුරින් පුද්ගලයින් සිව් දෙනෙකුට තුවාල සිදුවූ අතර, ඔවුන් රෝහල්ගත කර ඇති බව වාර්තා වෙයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ලන්ඩනයේ පදිංචි විදේශීය මාධ්‍යවේදී උවිදු කුරැකුලසූරිය මහතාද සමාජ ජාල මගින් අදහස් පළ කරමින් සඳහන් කර ඇත්තේ, මෙවැනි සිදුවීමක් සීඝ්‍රවම වගකීම භාරගන්නා පරිදි පිළියෙළ විය යුතු අතර, මෙය නඩත්තු වන සහතික ආණ්ඩුකාරකත්වයක් සහිත රටක නම් ජනාධිපති ලේකම්වරයා වහාම ඉල්ලා අස්වනු ඇති බවය.