"අම්මෝ එයාගේ ඇස් එයාගේ තොල්" ප්‍රසිද්ධ මාධ්‍යයේ ට්‍රම්ප් කියපු කැත කතාව [PHOTOS]
ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින්, තම ප්‍රධාන මාධ්‍ය ප්‍රකාශකවරිය ලෙස කටයුතු කරන 27 හැවිරිදි කෙරෝලයින් ලෙවට් ගැන කල වර්ණනයක් දැන් ලෝකයේ විරෝධතා ඇති වෙමින් පවතිනවා.
රුපවාහිනී සම්මුඛ සාකච්ඡාවක් අතරතුර, ට්‍රම්ප් මෙසේ පවසා තිබේ: "ඇය තරුවක් ඇගේ මුහුණ බුද්ධිමත් , ඇගේ තොල්… ඒවා සෙලවෙන යන්ත්‍රගත තුවක්කුවක් වගේ" කෙරෝලයින් ලෙවට්, ට්‍රම්ප්ගේ දෙවන ජනාධිපතිවරණ කාලය සඳහා ප්‍රධාන මාධ්‍ය ප්‍රකාශිකාව ලෙස පත් කර තිබේ.
මෑතකදී ඇය, ට්‍රම්ප් මහතාගේ ජාත්‍යන්තර සාම උත්සාහයන් උපුටා දක්වමින්, ඔහුට නෝබෙල් සාම ත්‍යාගය පිරිනමන ලෙස ඉල්ලීමක්ද ඉදිරිපත් කර තිබුණි. නමුත්, ට්‍රම්ප් මහතාගේ මෙම ප‍්‍රකාශය සමාජ ජාලවල දැඩි විමර්ශන වලට ලක් වී තිබේ.
සමාජ ක්‍රියාකාරීන් පවසන්නේ, මෙය වෘත්තීය පාරිසරික ආචාරධර්ම උල්ලංඝනයක් වන අතර, කාන්තා සේවිකාවක් පිළිබඳ අනුචිත සහ ලිංගිකව ආකර්ෂණීය ලෙස හැඳින්වීමක් ලෙසද විවේචනයට ලක්වී ඇත.
"මෙවැනි ප්‍රකාශයක් සාමාන්‍ය සේවයෙකු විසින් සිදු කර තිබුණහොත්, ඔහුට වහාම තනතුරෙන් ඉවත් වීමට සිදුවෙයි," යැයි සමාජ මාධ්‍ය පරිශීලකයෙකු සටහන් කර ඇත.
තවද, "අමෙරිකාවේ ප්‍රමුඛ මාධ්‍ය මේ පිළිබඳ මැලිකමක් දැක්වීම ඇයි?" යැයි ද තවත් පිරිසක් ප්‍රශ්න කරති.







