ජනපති රාමඤ්ඤ සහ අමරපුර මහා නාහිමිවරු බැහැදකී

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ බැහැදැක නව වසරට ආශිර්වාද ලබා ගෙන ඇත.

උන්වහන්සේ වැඩවසන මීරිගම, මිණිඔලුව ශ්‍රී විද්‍යාවාස මහා පිරිවෙන වෙත ඊයේ (01) දහවල් ගිය ජනාධිපතිවරයා, මහා නායක හිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා කෙටි පිළිසඳරක නිරතවිය.

නායක හිමිපාණන් වහන්සේ මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර නව වසරේ කටයුතු වෙනුවෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට සිය ආශිර්වාදය ලබා දී තිබේ.

සුබ නව අවුරුද්දේ ජනපති දළදා සමිඳුන් වැඳ පුදාගනී

සුබ නව අවුරුද්දේ ජනපති දළදා සමිඳුන් වැඳ පුදාගනී

තවද පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුගත් රත්නායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සම්බන්ධ වී තිබෙන බව වාර්තා වේ.

ඒ වගේම ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහා නායක හිමිපාණන් වහන්සේ ද බැහැදැක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නව වසරට ආශීර්වාද ලබා ගැනීමට කටයුතු කර ඇත.

වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත ඊයේ පස්වරුවේ ගිය ජනාධිපතිවරයා මහා නායක හිමිපාණන් වහන්සේ බැහැදැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක යෙදී ඇති බව සදහන් වේ.

එහිදී උන්වහන්සේ සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිවරයා වෙත ආශීර්වාදය පළ කර තිබේ.

රටේම ආන්දෝලනයට තුඩදුන් 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුල ගැටලුව පිළිබඳ CID විමර්ශන ඇරඹෙයි

රටේම ආන්දෝලනයට තුඩදුන් 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුල ගැටලුව පිළිබඳ CID විමර්ශන ඇරඹෙයි