සුබ නව අවුරුද්දේ ජනපති දළදා සමිඳුන් වැඳ පුදාගනී
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ මහනුවර පිහිටි ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට ගොස් දළදා සමිඳුන් වැඳ පුදාගෙන උදා වූ නව වසර වෙනුවෙන් ආශීර්වාද ලබා ගත්තේය.
එහිදී ජනාධිපතිවරයා ශ්‍රී දළදා මාලිගාවේ පැවැති ආගමික වතාවත් වලට සහභාගී වූ අතර, රටේ ජනතාවගේ සමෘද්ධිය, සාමය සහ ආර්ථික පුනරුත්ථාපනය වෙනුවෙන් ප්‍රාර්ථනා සිදු කළ බව සඳහන් වේ.
ඊට අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මල්වතු සහ අස්ගිරි මහා නා හිමිවරුන් බැහැදැක නව වසර සඳහා ආශිර්වාද ලබා ගත්තේය.
එම අවස්ථාවේදී උද්ගතව පවතින ජාතික වැදගත් කරුණු පිළිබඳව ද සුහද සාකච්ඡාවක් සිදු වූ බව වාර්තා වේ.