රුසියාවේ ජනපති ව්දිලැමීර් චීනයේ සංචාරයක...
By Parami Dissanayake
රුසියාවේ ජනාධිපති ව්ලැදීමීර් පුටින් මේ වනවිට චීනයේ නිල සංචාරයක් ආරම්භ කර ඇති අතර ,ඔහු සිය 5වැනි ධුරකාලය ආරම්භ කිරීමෙන් අනතුරුව යන පළමු විදෙස් සංචාරය මෙය බව වාර්තා වේ.
එහිදී ඔහු චීන ජනාධිපති ෂී ජින්පින් සමග ලෝක දේශපාලනය, යුක්‍රේන යුද ගැටුම් සහ ගාසා යුද්ධය ගැන සාකච්ඡා කර ඇති බව සඳහන් වේ.
එමෙන් ම, පුටින් පවසා ඇත්තේ, රුසියාව සහ චීනය, යුක්‍රේන ගැටලුව සඳහා දේශපාලන විසඳුමක් අවශ්‍ය බවට අවධාරණය කරන බවත්, ගාසා යුද්ධය සඳහා හොඳම වන්නේ රාජ්‍ය දෙකක් යන විසඳුම බවත් ය.
මෙය වසරක් වැනි කෙටි කාලයක් තුළදී චීන සහ රුසියානු නායකයින් දෙදෙනා අතර සිදුකළ තෙවැනි හමුවීම මෙයයි.
