ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපති දිවයිනට.
ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිනි මාරියා ෆර්නැන්ඩා ගාර්සා ඊයේ (18) පස් දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියා.
මෙය ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිවරයෙක් මෙරටට පැමිණි ප්‍රථම අවස්තාව ද වනවා.
ඇය මෙරට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ඉහළ පෙළේ නිලධාරින් රැසක් සමඟ සාකච්ඡා පැවැත්වීමට ද නියමිතයි.
ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය යනු ලොව පුරා රටවල් 170ක් නියෝජනය කරන සමාගම් මිලියන 45 ආයතනික සාමාජිකත්වය ඇති දැවැන්ත සංවිධානයකි.
ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකාවේ සභාපති නීතිඥ ඇන්තනි ශනිල් ප්‍රනාන්දු ප්‍රකාශ කරන්නේ ඇයගේ මෙරට සංචාරය ආර්ථික වර්ධනයට මෙන්ම ව්‍යාපාර අංශයේ වර්ධනය කෙරෙහිද සැලකිය යුතු ධනාත්මක බලපෑමක් සිදු කරන බවයි.
ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි කොටස් වෙළඳපොළට අද පැමිණ සාම්ප්‍රදායික සීනුව නාද කිරීමේ අවස්ථාවටද ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිනිය එක් වීමටද නියමිතයි.
