වෙඩි තැබීමෙන් මියගිය ඕස්ට්‍රේලියානු වැසියන් වෙනුවෙන් ජනපතිගෙන් ශෝක පණිවුඩයක්
ඕස්ට්‍රේලියාවේ බොන්ඩි වෙරළ තීරයේ සිදුවූ වෙඩි තැබීම ශ්‍රී ලංකාව දැඩිව හෙළා දකින බව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සදහන් කර තිබේ .
මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳදහන් කළේ, ඒ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජයට සහ මියගිය පුද්ගලයින්ගේ පවුල් වලට දැඩි ශෝකය පළ කරන බවයි.
තවද ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව සමග අඛණ්ඩව සහයෝගයෙන් සිටින බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
ඒ වගේම ප්‍රචණ්ඩත්වයට සහ වෛරයට සමාජය තුළ කිසිදු ඉඩක් නොමැති බව එහිදී අවධාරණය කර ඇත..
