අරගලය කරපු අයට ජනාධිපති මාධ්‍ය අංශයෙන් විශේෂ දැනුම්දීමක්..

Colombo Galle Face Protest Presidential Secretariat of Sri Lanka Sri Lanka Politician President of Sri lanka
By Aruna Jul 09, 2023 06:52 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරුන්ට සහ ජනාධිපතිවරුන්ට අයත් පුරාවිද්‍යාත්මක හෝ කලාත්මක වටිනාකමක් ඇති නිල ලංඡන ආපසු ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඉල්ලීමක් කර තිබෙනවා.

මෙම ද්‍රව්‍ය ජුලි 31 වැනිදා වන විට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාරදීමට බලාපොරොත්තු වේ.

2022 ජූලි 9 සිට ජූලි 14 දක්වා විරෝධතාකරුවන් විසින් කොළඹ කොටුව ජනාධිපති මන්දිරය අත්පත් කර ගැනීමේදී, ශ්‍රී ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරුන් සහ ජනාධිපතිවරුන් සම්බන්ධ කබා ඇතුළු විවිධ වටිනා කෞතුක වස්තු සහ පුරාවිද්‍යාත්මක භාණ්ඩ අතුරුදහන් විය.

නීතිවිරෝධී ලෙස රාජ්‍ය දේපළ සන්තකයේ තබා ගැනීම දඩුවම් ලැබිය හැකි වරදක් බැවින් නියමිත කාලය ඉක්මවා මෙම නිල ලාංඡන ළඟ තබා ගැනීම නීතිමය ප්‍රතිවිපාකවලට තුඩු දෙන බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අවධාරණය කරයි.

මෙම අස්ථානගත වූ භාණ්ඩ සම්බන්ධයෙන් කිසියම් හෝ තොරතුරක් දන්නේ නම් 0112354354 දුරකථන අංකය ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය අමතන ලෙස කාරුණිකව ඉල්ලා සිටින ජනාධිපති ලේකම්වරයා මෙම ජාතික වැදගත්කමකින් යුත් මෙම ලාංඡන සොයා ගැනීම සඳහා මහජනතාවගේ සහය අතිශයින් වැදගත් වන අතර ඔවුන්ගේ සහය ඉතා අගය කොට සලකන බවද සඳහන් කරයි.

මීට අදාල නිවේදනය පහතින් දැක්වේ.

Gallery