ජනපති අනුරගෙන් මාලදිවයිනේදී පොරොන්දු රැසක්

Anura Kumara Dissanayaka President of Sri lanka Thailand Latest Headlines Sinhala news
By Ashfa Jul 31, 2025 03:53 PM GMT
Ashfa

Ashfa

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයිනේ ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ පැවති හමුවකදී පැවසූවේ, ජනතාව තැබූ විශ්වාසය රැකෙමින්, ඔවුන් අපේක්ෂා කරන සමෘද්ධිමත් රටක් ගොඩනඟන වගකීම රජය භාරගත් බවයි.

වාහනයක් ගන්න අදහසක් තියෙනවනම් අනිවාර්යයෙන්ම මේක කියවන්න - නැත්තම් ඔයාලා අමාරුවේ

වාහනයක් ගන්න අදහසක් තියෙනවනම් අනිවාර්යයෙන්ම මේක කියවන්න - නැත්තම් ඔයාලා අමාරුවේ

ඔහු අවධාරණය කළේ, නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරමින්, සෑම කෙනෙකුටම සමානව නීතිය ක්‍රියාත්මක වන පරිදි ක්‍රියා කරන බවයි. වංචා, දූෂණ හා අල්ලස් වැළැක්වීමට නීති පද්ධතිය ශක්තිමත් කර ඇති බවද සඳහන් කළා.

මාළු පාන් කෑල්ලක් නිසා පුද්ගලයෙක් ජීවිතක්ෂයට

මාළු පාන් කෑල්ලක් නිසා පුද්ගලයෙක් ජීවිතක්ෂයට

දූෂිතයන්ට දඬුවම් ලබාදීමේ අරමුණින් නව පනත් සහ ආයතන ක්‍රියාත්මක කරමින් සිටින බවද ඔහු පැවසීය.

ආර්ථිකය පිළිබඳව, බංකොලොත් තත්වයෙන් නිදහස් වී ඇති අතර, විදේශ ආදායම්, සංචාරක ආදායම් සහ අපනයන ආදායම තුලින් ආර්ථිකය ස්ථාවරව පවතින බවත්, වසරකට ආසන්න කාලයක් ඩොලරය රුපියල් 300 පරාසයේ තබා ගැනීමට හැකි වූ බවත් ඔහු පැවසීය.

ජනාධිපතිවරයා අවසානයේදී පැවසුවේ, ණය ගෙවීමේ හැකියාව වර්ධනය කරමින්, වාණිජ ණය ලබා නොගෙන, ආර්ථික ස්ථාවරතාවය රකිමින් ජනතාවට ප්‍රතිලාභ ලබා දීමට තම පරම අරමුණ බවයි.  

ReeCha