ආබාධිත පුද්ගලයන්ට සුබ ආරංචියක් - දෙසැම්බර් 3 වැනිදා මෙට්‍රෝ බස් රථවල නොමිලේ යන්න අවස්ථාවක්
ජාත්‍යන්තර ආබාධිත පුද්ගලයන්ගේ දිනයට සමගාමීව එළඹෙන දෙසැම්බර් 3 වැනිදා ආබාධිත පුද්ගලයන්ට ‘මෙට්‍රෝ බස්’ (Metro Bus) සේවාවන්හි නොමිලේ ගමන් කිරීමේ අවස්ථාව ලබාදීමට තීරණය කර තිබේ. ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (27) පාර්ලිමේන්තුවේදී මේ බව නිවේදනය කළේය.
ජාත්‍යන්තර ආබාධිත පුද්ගලයන්ගේ දිනය සැමරීම නිමිත්තෙන් එදින ආබාධිත පුද්ගලයන්ට නොමිලේ ප්‍රවාහන පහසුකම් සලසා දෙන ලෙස ‘ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් (පෞද්ගලික) සමාගම’ (Lanka Metro Transit (Pvt) Ltd) වෙතින් මීට පෙර ඉල්ලීමක් කර තිබූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය .
එම ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බැලූ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය, නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබාදීම සඳහා අනුමැතිය ලබාදීමට තීරණය කර තිබේ. අදාළ තීරණය සම්බන්ධයෙන් සමාගමේ සභාපතිවරයා විසින් නිල වශයෙන් දැනුම් දී ඇති බවද අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
ඒ අනුව, දෙසැම්බර් 3 වැනිදා ජාත්‍යන්තර ආබාධිත පුද්ගලයන්ගේ දිනය නිමිත්තෙන් ආබාධිත පුද්ගලයන්ට මෙට්‍රෝ බස් රථවල කිසිදු ගාස්තුවකින් තොරව ගමන් කිරීමේ පහසුකම හිමිවනු ඇත.
මෙම වැඩපිළිවෙළ මගින් ආබාධිත පුද්ගලයන්ගේ ප්‍රවාහන පහසුකම් සඳහා ප්‍රවේශය පුළුල් කිරීමටත්, ඔවුන්ගේ සමාජ සහභාගීත්වය දිරිගැන්වීමටත් අවස්ථාව සැලසෙනු ඇත.