ගෝඨාභය රාජපක්ෂ අද අධිකරණය හමුවේ සාක්ෂි ලබාදෙයි -නවතම අධිකරණ නියෝගය මෙන්න

Report

යාපනයේදී අතුරුදන් වූ ලලිත්කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් සම්බන්ධ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය 2027 පෙබරවාරි 12 වැනිදා දක්වා කල් තැබීමට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය අද (27) නියෝග කර තිබේ.

මෙම නඩුවට අදාළව හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු මෙන්ම හිටපු ජනාධිපතිවරයෙකු ද වන ගෝඨාභය රාජපක්ෂ මහතා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ සිට සාක්ෂි ලබාදී ඇත.

මීට පෙර යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝගයකට අනුව, සාක්ෂි ලබාදීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාට පසුගිය සැප්තැම්බර් 29 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබිණි.

ඒ අනුව, එදින ඔහු සාක්ෂි ලබාදී තිබූ අතර, නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය අද (27) දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණි. එම නියමය අනුව අද දිනයේදී ද ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ සාක්ෂි ලබාදී ඇති අතර, සාක්ෂි මෙහෙයවීම යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ සිට සිදුකර තිබේ.

අනතුරුව නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය 2027 පෙබරවාරි 12 වැනිදා දක්වා කල් තැබීමට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග කාලසටහන – විෂයයන්, දිනයන් සහ වේලාවන් පිළිබඳ නිල විස්තර මෙන්න

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග කාලසටහන – විෂයයන්, දිනයන් සහ වේලාවන් පිළිබඳ නිල විස්තර මෙන්න