ඉන්දියාවත් කතා කරන සිනෙත් ජයවර්ධන - “නමෙන්ම සියල්ල කියවෙනවා.. තවත් සුපිරි තරුවක් බිහිවෙලා”

Report

ඉන්දියාවට එරෙහිව පිත්තෙන් දැවැන්ත ශතකයක් වාර්තා කළ ශ්‍රී ලංකාවේ යොවුන් ක්‍රිකට් ක්‍රීඩක සිනෙත් ජයවර්ධන මේ වන විට ඉන්දීය ක්‍රිකට් රසිකයන් අතරත් වැඩි අවධානයක් දිනාගෙන තිබේ.

ඉන්දියානු A කණ්ඩායමට එරෙහිව ඔහු දැක්වූ විශිෂ්ට පිතිකරණ දක්ෂතාවත් සමඟ බොහෝ ඉන්දීය ක්‍රිකට් ලෝලීන් දැන් විමසන්නේ “කවුද මේ සිනෙත් ජයවර්ධන?” යන්නයි.

එම දක්ෂතාව හේතුවෙන් ඔහු පිළිබඳව කතාබහ තවත් ඉහළ ගොස් ඇති අතර, දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා - ඉන්දීය විස්සයි  විස්ස තරගාවලියේදීත් සිනෙත්ට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙනු ඇතැයි ක්‍රිකට් රසිකයන්ගේ අවධානය යොමුව තිබේ.

සිංහ පුත්තු මෙදා පොටේ ඉන්දියාවත් ගෙදර යවයි - සියලු තරග ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා 'A' කණ්ඩායම අවසන් මහා තරගයට [HIGHLIGHT

සිංහ පුත්තු මෙදා පොටේ ඉන්දියාවත් ගෙදර යවයි - සියලු තරග ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා 'A' කණ්ඩායම අවසන් මහා තරගයට [HIGHLIGHT

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහනක ඔහුගේ නම පිළිබඳවද අපූරු සම්බන්ධයක් පෙන්වා දී තිබේ. ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ හිටපු සුපිරි පිතිකරුවන් වන සනත් ජයසූරිය සහ මහේල ජයවර්ධනගේ නම් එකතු කළ විට සිනෙත් ජයවර්ධන යන නම නිර්මාණය වන බව පවසමිනි.

“නමෙන්ම සියල්ල කියවෙනවා. ඔහුගේ ඉනිමෙන් සියල්ල ඔප්පු කළා. තවත් සුපිරි තරුවක් බිහිවෙලා” යනුවෙන්ද එම සටහනේ සඳහන් කර තිබේ. කෙසේ වෙතත්, ඉන්දියාවට එරෙහිව දැක්වූ මෙම දක්ෂතාවෙන් පසු සිනෙත් ජයවර්ධන දෙසැම්බර් මාසයේදීත් පිත්තෙන් දස්කම් දක්වනු ඇත්ද යන්න මේ වන විට ක්‍රිකට් රසිකයන් අතර ඇති කුතුහලයකි.

බංග්ලාදේශ A කණ්ඩායම සමඟ පැවැති තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

බංග්ලාදේශ A කණ්ඩායම සමඟ පැවැති තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්