විදේශයක අතරමං වූ ශ්‍රී ලාංකික කාන්තාවක් බේරාගැනීමට රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක්- නියෝජ්‍ය ඇමති අරුන් කළ අනාවරණය මෙන්න

Report

කුක් දූපත්වල අතරමංව සිටින ශ්‍රී ලාංකික කාන්තාවක් ආරක්ෂිතව සහ ඇයගේ කැමැත්ත පරිදි යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා නවසීලන්ත රජයේ මැදිහත්වීම ඉල්ලා ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.

රුචිරා සෙව්වන්දි රණසිංහ මහත්මියට යළි මෙරටට පැමිණීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට මැදිහත් වන ලෙස ඉල්ලා නවසීලන්තයේ ආගමන සහකාර අමාත්‍ය කැමරන් බෲවර් මහතා වෙත විධිමත් ලිපියක් යොමු කළ බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සඳහන් කර ඇත.

ඒ සඳහා නවසීලන්ත අමාත්‍යවරයාගේ පෞද්ගලික මැදිහත්වීම මෙන්ම විශේෂ මානුෂීය සැලකිල්ලක් ද අපේක්ෂා කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය විමසීමකට පිළිතුරු දෙමින් පවසා තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආරම්භයේ සිටම වෙලින්ටන්හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සක්‍රීයව මැදිහත් වී කටයුතු කරන බවද ඔහු අනාවරණය කළේය.

නවසීලන්තයේ ආගමන නීති සහ රෙගුලාසිවලට පූර්ණ ගරුත්වය ලබාදෙමින්, දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය පදනම් කරගෙන රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් ඔස්සේ ප්‍රායෝගික මෙන්ම මානුෂීය විසඳුමක් ලබාගැනීමට අපේක්ෂා කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

විදේශ රටවල ජීවත්වන ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ සුබසාධනය සහ ගෞරවය ආරක්ෂා කිරීම රජයේ ප්‍රමුඛ වගකීමක් බව අවධාරණය කළ අරුන් හේමචන්ද්‍ර මහතා, අදාළ කාන්තාවට ආරක්ෂිතව යළි ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා සුදුසු රාජ්‍ය තාන්ත්‍රික සහ කොන්සියුලර් මාර්ග ඔස්සේ ඉදිරි පියවර ගන්නා බවද වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග කාලසටහන – විෂයයන්, දිනයන් සහ වේලාවන් පිළිබඳ නිල විස්තර මෙන්න

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග කාලසටහන – විෂයයන්, දිනයන් සහ වේලාවන් පිළිබඳ නිල විස්තර මෙන්න

කොංගෝවම සොහොන් පිටියක් වෙයි - ඉතිහාසයේ මාරාන්තිකම වෛරසයෙන් 5,904 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට

කොංගෝවම සොහොන් පිටියක් වෙයි - ඉතිහාසයේ මාරාන්තිකම වෛරසයෙන් 5,904 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට