‘Clean Sri Lanka’ වැඩසටහන යටතේ කාත්තන්කුඩි ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානය විවෘත කෙරේ
කාත්තන්කුඩි නගර සභා බල ප්‍රදේශයේ ඉදිකරන ලද ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානය විවෘත කිරීමේ නිල උත්සවය කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් කාත්තන්කුඩි නගර සභා පරිශ්‍රයේදී පැවැත්විණි.
“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” තේමාව යටතේ ක්‍රියාත්මක වන “Clean Sri Lanka” ජාතික වැඩසටහනේ තවත් වැදගත් පියවරක් ලෙස, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ මඟපෙන්වීම මත කාත්තන්කුඩි නගර සභාව විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.
ඉවතලන නොදිරන අපද්‍රව්‍ය විධිමත්ව කළමනාකරණය කිරීම සහ පරිසරයට අවිධිමත් ලෙස බැහැර කිරීම අවම කිරීම මෙම මධ්‍යස්ථානය ඉදිකිරීමේ ප්‍රධාන අරමුණයි. මේ තුළින් ස්වාභාවික සම්පත් සංරක්ෂණය කිරීම, පරිසර දූෂණය අවම කිරීම, කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය නැවත ලබා දීම, නව රැකියා උත්පාදනය කිරීම මෙන්ම චක්‍රීය ආර්ථිකයක්ගොඩනැගීමට ද දායකත්වය සැපයෙනු ඇත.
තවද, අඩු කිරීම , නැවත භාවිත කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීම යන 3R සංකල්පය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට ජනතාව දැනුවත් කිරීම ද මෙහි අරමුණකි.
ඒ අනුව, නිවෙස්වලින් නිසි පරිදි වෙන් කර ලබා දෙන ප්ලාස්ටික්, පොලිතින් සහ වීදුරු ඇතුළු ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය විධිමත්ව එකතු කිරීම, වෙන් කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා මෙම මධ්‍යස්ථානය මගින් පහසුකම් සැලසෙන අතර, එමගින් කාත්තන්කුඩි ප්‍රදේශයේ පිරිසිදු නගර පරිසරයක් සහ වගකීම්සහගත පුරවැසි සමාජයක් ගොඩනැගීමට හැකි වනු ඇත.