ජනාධිපතිවරයාගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් - ඇමති හර්ෂණට අලුත් බලයක්
By Aylin Zoya
අලුතින් පිහිටුවා ඇති වස්තුභංගත්ව නියාමන අධිකාරිය අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ අමාත්‍යාංශය යටතට පවරා තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නොවැම්බර් 26 වැනිදා නිකුත් කරන ලද අංක 2516/32 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මඟින් මේ බව ප්‍රකාශයට පත්කර ඇත.
ඒ අනුව, 2026 අංක 12 දරන බේරා ගැනීම්, පුනරුත්ථාපන සහ වස්තුභංගත්ව (ආයතනික සහ පුද්ගලික) පනත ද අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ විෂය පථය යටතට පත්කර තිබේ.
මෙම ගැසට් නිවේදනයත් සමඟ අදාළ නියාමන අධිකාරියේ විෂය පථය සහ පරිපාලන වගකීම් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වනු ඇත.