කෝටි 30ක මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර දුන් අඟුලාන පොලිසියේ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

Report

පිළියන්දල හොන්නන්තර ප්‍රදේශයේදී රුපියල් කෝටි 30කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරු මත, එම ජාවාරමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අඟුලාන පොලිසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.

රාජාංගනය, ගැමුණුපුර, යාය 12 ප්‍රදේශයේ පිහිටි නිවසේදී අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී ජංගම දුරකථන දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

හිදැල්ලන දෙදරමින් බිහිසුණු අනතුරක් - පුද්ගලයින් 16කට තුවාල - 5 දෙනෙකුගේ තත්ත්වය බරපතළයි

හිදැල්ලන දෙදරමින් බිහිසුණු අනතුරක් - පුද්ගලයින් 16කට තුවාල - 5 දෙනෙකුගේ තත්ත්වය බරපතළයි

ඉකුත් ජූනි මස 20 වැනිදා හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 15,750ක් සමඟ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් ඇඹිලිපිටිය, පල්ලේගම පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකුට එරෙහිව රැඳවුම් නියෝග ලබාගෙන සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී මෙම ජාවාරමේ තොරතුරු අනාවරණය වී ඇත.

PIN සහ TIN අංක ලබා ගැනීම සම්බන්ධයෙන් රජයෙන් විශේෂ දැනුම්දීමක්

PIN සහ TIN අංක ලබා ගැනීම සම්බන්ධයෙන් රජයෙන් විශේෂ දැනුම්දීමක්

ඒ අනුව පිළියන්දල තුම්බෝවිල නිවසක ගබඩා කර තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 11යි ග්‍රෑම් 69ක් සහ අයිස් (Crystal Meth) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 06යි ග්‍රෑම් 90ක් සොයා ගැනීමට පොලිසිය සමත් වී තිබුණි.