මහ බැංකු අධිපති ඉවත් කිරිම ගැන ප්‍රසන්න රණතුන්ග කියන දේ
වර්තමාන මහ බැංකු අධිපතිවරයා තනතුරින් ඉවත් කිරීමට ආණ්ඩු පක්ෂයට කිසිම බලාපොරොත්තුවක් හෝ උවමනාවක් නැති බවත් විපක්ෂයට එවැනි අවශ්‍යතාවයක් ඇත්දැයි තමන් නොදන්නා බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (06) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.
මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කුමාරි කවිරත්න මහත්මිය විසින් පාර්ලිමේන්තුවේදී නැඟු ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබුණා.
මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කුමාරි කවිරත්න (ස.ජ.බ) :
හිටපු මහ බැංකු අධිපතිවරයාට ඇමතිවරයකුගේ වැටුපත්, විශ්‍රාම වැටුපත්, මහ බැංකු අධිපතිධූරයට හිමි විශ්‍රාම වැටුපත් ලබාදෙන ගමන්ම දැන් ඉන්න මහ බැංකු අධිපතිවරයා එළවන්න හදනවා.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග :
වර්තමාන මහබැංකු අධිපතිවරයා එළවන්න ආණ්ඩු පක්ෂයට කිසිම බළාපොරොත්තුවක් නෑ. එතුමා පත්කළේ හිටපු ජනාධිපතිවරයායි. වර්තමාන ජනාධිපතිවරයා ඔහුගේ කාලය දිගු කළා. මහබැංකු අධිපතිවරයා තනතුරින් ඉවත්කරන්න ආණ්ඩුපක්ෂය උත්සාහ ගන්නා බව විපක්ෂය උළුප්පලා පෙන්වන්න හදනවා. විපක්ෂයට එහෙම උවමනාවක් තියෙනවද කියන්න මම දන්නේ නෑ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |