ශිරන්ති ඇතුළට යද්දි හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ සැමියාට ඇප

Report

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතාව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හරින ලෙස නියෝග කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය ඔහුව රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කර ඇත. එසේම සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් නියම කළ බව වාර්තා වේ.

සුළු මොහොතකට පෙර රටම උණුසුම් කරමින් ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කරයි

සුළු මොහොතකට පෙර රටම උණුසුම් කරමින් ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කරයි

කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුවයි.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව මඟින් රුපියල් මිලියන 10 ක් සිරිලිය සවිය සංවිධානයේ බැංකු ගිණුමට බැර කිරීම තුළින් දූෂණය නැමැති වරද සිදු කිරීම සහ ඊට ආධාර අනුබලදීම, සාපරාධි සාවද්‍ය පරිහරණය යන චෝදනා සම්බන්ධයෙන් සැකපිට අල්ලස් කොමිසම මඟින් මෙම සැකකරුවන් අද (07) දින දහවල් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.  

සූදානම් වන්න - ලංකාව යළිත් රත් වෙයි - උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

සූදානම් වන්න - ලංකාව යළිත් රත් වෙයි - උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි