සුළු මොහොතකට පෙර රටම උණුසුම් කරමින් ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කරයි
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඔක්තෝබර් 13 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ.
ඒ අද පස්වරුවේ ඇයව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
මෙහිදී වෛද්‍ය ප්‍රතිකාර සඳහා සැකකාරිය කොළඹ නවලෝක රෝහල වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරිය විසින් බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර තිබෙන බව සඳහන්.
ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද(07) පෙරවරුවේ අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගනු ලැබුවේ සිරිළිය සවිය ගිණුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළවයි.
එසේම එම නඩුකරයට අදාළව අද දිනයේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා ඇප මත මුදාහැර ඇති බව සඳහන්.