විදුලි බිලෙන් පොටෝකොපි ගාස්තුත් වෙනස් වෙයිද? මෙන්න දැනුම්දීමක්

Report

ලංකා විදුලිබල මණ්ඩලය නියෝජනය කරන වෘත්තිය සමිතිවලට ඇති ගැටලු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සමග සාකච්ඡා පවත්වා ඇත.

මේ අතර විදුලි ගාස්තු සංශෝධනය වුවද ඡායාපිටපත් මිල ඉහළ නොදමන බව සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමියන්ගේ සංගමය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සමග පැවති සාකච්ඡාවේ දී පවතින ගැටලු පිළිබඳ වෘත්තිය සමිති නියෝජිතයින් කරුණු පැහැදිලි කර ඇත.

ඔවුන්ට බලපා ඇති පත්වීම් , ධූරාවලි ගැටලු , සේවක අත්පොත් සම්බන්ධ ගැටලු පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

අද මධ්‍යම රාත්‍රියේ සිට මේ ආහාර වල මිල ඉහළට - මුළු ලංකාවටම දැනුම්දීමක්

අද මධ්‍යම රාත්‍රියේ සිට මේ ආහාර වල මිල ඉහළට - මුළු ලංකාවටම දැනුම්දීමක්

මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ සේවක පාර්ශ්ව එක්ව සහයෝගයෙන් කටයුතු කිරීමෙන් ඕනෑම ගැටලුවකට කඩිනම් විසදුම් ලබාගත හැකි බවයි. මේ අතර විදුලි ගාස්තු සංශෝධනය කිරීම හේතුවෙන් ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ඉහළ නංවන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් කියා සිටියේ මෙම කර්මාන්තය රැක ගැනීම සඳහා මිල සංශෝධනය කළ යුතු බවයි. කෙසේ වෙතත් කොමියුනිකේෂන් හිමියන්ගේ සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා ප්‍රකාශ කළේ විදුලි ගාස්තු ඉහළ යාමක් සිදුවුව ද ඡායාපිටපත් සඳහා වන මිල ඉහළ දැමීමක් සිදුනොකරන බවයි.

රාජ්‍ය සේවයට නිලධාරීන් 7500ක් බදවා ගනී - රජයේ ගැසට් නිවේදනයට අනුව මැයි මසට පෙර ඉල්ලුම් කරන්න

රාජ්‍ය සේවයට නිලධාරීන් 7500ක් බදවා ගනී - රජයේ ගැසට් නිවේදනයට අනුව මැයි මසට පෙර ඉල්ලුම් කරන්න