අදත් මුළු රටටම අඳුරේ ඉන්න වෙයි?..හවස 2.00ට කරන්න යන දේ.
Sri Lanka
Power cut
Electric Bord
By Aruna
නොරොච්චෝලේ බලාගාරය අක්‍රිය වී ඇති ජනන යන්ත්‍ර මේවනවිට යථා තත්වයට පත් කෙරෙමින් පවතිනවා.
එතෙක් තවදුරටත් දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට විදුලි බිඳවැටීම් සිදු විය හැකි බවයි විදුලි බල මණ්ඩලය සඳහන් කළේ.
මේ අතර පසුගිය දා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වූ විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.
අද(06)දින පස්වරු 2ට ජනාධිපති කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු අප කළ විමසීමකදී සඳහන් කළේ.
පසුගිය දිනවල විදුලිය බිඳ වැටීම් හිතා මතා සිදුකළ ඒවා බවට සැක මතුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය පවසනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |