විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට සුබ ආරංචියක්

Report

ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කිරීම තවදුරටත් කල්දැමීමට සිදුව ඇතැයි එම මණ්ඩල ආරංචි මාර්ග කියයි.

මීට අදාළ ගැසට් නිවේදනය ලබන මස පළමු වැනිදා නිකුත් කිරීමට සැලසුම් කර තිබුණ ද බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල සඳහන් කළේ, ජාතික විදුලි ගාස්තු ප්‍රතිපත්තිය ඇතුළත් විදුලිබල ප්‍රතිපත්තිය සකස් කර ඊට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට මේ දක්වා නොහැකි වීම, විදුලිබල මණ්ඩලය අහෝසි කිරීම කල් යාමට හේතු වී ඇති බවයි.

අනුෂ පැල්පිට අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

අනුෂ පැල්පිට අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

අදාළ යෝජනාව සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම මේ වනවිට ආරම්භ කර ඇති අතර, එය අවසන් වූ පසු විදුලිබල ප්‍රතිපත්තිය අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේය.

ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කිරීමෙන් අනතුරුව, එහි දේපළ හා සේවකයින් සමාගම් හතරකට අනියුක්ත කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු පැවසීය.

එසේම, වන්දි ලබාගෙන සේවයෙන් ඉවත් වීමට සේවකයින් 2100කට ආසන්න පිරිසක් ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණද, විදුලිබල මණ්ඩලය අහෝසි කිරීම ප්‍රමාද වීම හේතුවෙන් එම ක්‍රියාවලියද තාවකාලිකව කල් යා හැකි බව සඳහන් වේ.

විශ්‍රාම වැටුප් අහෝසි කිරීම ගැන ජනපතිට ලිපියක් මෙන්න විස්තරේ

විශ්‍රාම වැටුප් අහෝසි කිරීම ගැන ජනපතිට ලිපියක් මෙන්න විස්තරේ