කල් දැමුණු IPL යළි ඇරඹේ...ඇරඹෙන දිනය මෙන්න
By Hashini
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය ඉන්දු - පකිස්තාන ගැටුම් හේතුවෙන් කල් දැමීමට පසුගියදා තීරණය කරනු ලැබුවා.
දෙරට අතර සටන් විරාම ක්‍රියාත්මක හෙයින් කල් දැමුණු IPL තරඟාවලිය යලි පැවැත්වීමට සියලු කටයුතු සුදානම්.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය යළි හෙට (17) සිට යලි ආරම්භ වීමට නියමිතව ඇත.
ඒ අනුව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර් කණ්ඩායම අතර තරගය හෙට රාත්‍රි 7ට බැංගලෝර්හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට හිමිව ඇති අතර කොල්කටා නයිට් රයිඩර් කණඩායම පසුවන්නේ එහි හයවන ස්ථානයේය.