වෙළෙඳ නෞකා ආරක්‍ෂක කණ්ඩායම්වල නාවික හමුදා මෙහෙයුම් කටයුතු නිරීක්‍ෂණයට

Report

විදේශීය වෙළෙඳ නෞකාවල ආරක්ෂාව සඳහා ආරක්ෂක කණ්ඩායම් යොදවන පෞද්ගලික සමුද්‍රීය ආරක්‍ෂක සමාගම් වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් පහසුකම් සැපයීමේ මෙහෙයුම් කටයුතු, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතාගේ සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතාගේ විශේෂ නිරීක්‍ෂණයට ලක්විය.

ඊයේ (20) සිදුකළ මෙම නිරීක්ෂණ චාරිකාවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස ගාල්ල පෙට්ටිගලවත්ත පිහිටි අවි හා උපාංග ගබඩා සංකීර්ණයේ කටයුතු පරීක්ෂා කළහ.

සියලුම බැංකු ගිණුම් හිමියන්ට ලංකා බැංකුවෙන් අතිවිශේෂ නිවේදනයක් - නව නීතියක් ලබන මස සිට

සියලුම බැංකු ගිණුම් හිමියන්ට ලංකා බැංකුවෙන් අතිවිශේෂ නිවේදනයක් - නව නීතියක් ලබන මස සිට

2025 ඔක්තෝබර් 03 වන දින නාවික හමුදාව ස්වාධීනව ආරම්භ කළ මෙම මෙහෙයුම් ඔස්සේ ගතවූ වසරක කාලය තුළ ඇමෙරිකානු ඩොලර් 3,320,000කට අධික (ඩොලර් තිස් තුන් ලක්ෂ විසි දහසකට අධික) විදේශ විනිමය ආදායමක් ජාතික ආර්ථිකයට එක්කිරීමට සමත්ව ඇත.

ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ හරහා දැනට දේශීය නියෝජිතයින් 10 දෙනෙකු මාර්ගයෙන් විදේශීය පෞද්ගලික සමුද්‍රීය ආරක්‍ෂක සමාගම් 28ක් සඳහා පහසුකම් සපයයි.

අකිලයි එමියි ඇත්තටම වෙන්වෙලාද? කටකතා පතුරවන අයට අකිල ධනුද්ධරගෙන් ෆේස්බුක් හරහා සුපිරි උත්තරයක්

අකිලයි එමියි ඇත්තටම වෙන්වෙලාද? කටකතා පතුරවන අයට අකිල ධනුද්ධරගෙන් ෆේස්බුක් හරහා සුපිරි උත්තරයක්

කෙටි කාලයක් තුළ විශාල මෙහෙයුම් සංඛ්‍යාවක් සිදුකරමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට නාවික හමුදාව දැක්වූ දායකත්වය මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ඇගයීමට ලක්විය.