අනුබුදු මිහිඳු මාහිමියන්ගේ අසිරිමත් ලංකා ගමනය සිදු වූ පොසොන් පොහොය දිනය අදයි..ජනපතිගෙන් විශේෂ පණිවුඩයක්..

Poson poya day Ranil Wickremesinghe Sri Lanka Buddhism
By Aruna Jun 21, 2024 02:25 AM GMT
Aruna

Aruna

Report

අනුබුදු මිහිඳු මාහිමියන් ශ‍්‍රී ලංකාවට වැඩම කොට බුදු සසුන පිහිටුවීම සිහිපත් කරන උතුම් පොසොන් පුන් පොහොය අදට (21) යෙදී තිබෙනවා.

ශ‍්‍රී බුද්ධ වර්ෂ 236 වැන්නේ අදවන් වූ පොසොන් පුන් පොහෝ දිනක මිහිඳු මහරහතන් වහන්සේ ප‍්‍රමුඛ ධර්ම දූත පිරිසේ ලංකාගමනය සිදු වූ අතර, ඒ තැන් සිට නිර්මල බුදු දහම මේ දිවයිනේ ස්ථාපිත වූ අතර නව බෞද්ධ ප‍්‍රබෝධයක් මෙන්ම සමාජ විපර්යාසයක් සහ අධ්‍යාත්මික විප්ලවයක් ද සිදු වන්නට වුණා.

ලොව අනෙකුත් සංස්කෘතීන්, ජාතීන් අතර සිංහල ජාතිය ශ්‍රේෂ්ඨ ජාතියක්, ශ්‍රේෂ්ඨ සංස්කෘතියක් බවට පත්වීමට මගපෑදූ ඒ උතුම් වූ බුදුදහම මෙරටට ලැබුණේ අදවන් වූ පොසොන් පොහෝ දිනකයි.

ප්‍රධාන නගරයක රියදුරු නැතිව ලොරි රථයක් ධාවනය වෙයි..මහා විනාශයක් නතර කළ හැටි මෙන්න..(VIDEO)

ප්‍රධාන නගරයක රියදුරු නැතිව ලොරි රථයක් ධාවනය වෙයි..මහා විනාශයක් නතර කළ හැටි මෙන්න..(VIDEO)


අද වැනි දිනකදී මුව දඩයමේ යෙදී සිටි දේවානම්පියතිස්ස රජුට මිහින්තලා ගල් පර්වතය මුදුනේ සිට ‘තිස්ස’ කියා ආමන්ත‍්‍රණය කළ මිහිඳු මහ රහතන් වහන්සේ බුදු දහම ප‍්‍රචාරය කිරීමේ මහඟු කාර්යය ආරම්භ කළේ ශ්‍රී ලාංකිකයින්ගේ ජීවන මංපෙත් ආලෝකමත් කරමින්.

මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කරන ලද්දේ ද චුල්ලහත්ථිපදෝපම සූත‍්‍රය දේවානම්පියතිස්ස රජුට දේශනා කරන ලද්දේ ද මහාවංශය ඇතුළු ධර්ම ග‍්‍රන්ථ ලියැවීමට මුල පිරීම සිදු වූයේ ද පොසොන් පුන් පොහොය දිනයකදී බවයි බෞද්ධ මූලාශ්‍රයන්හි සඳහන් වන්නේ.

ලක්දිව බුදුසසුන පිහිටුවීම මෙන් ම බුදු වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩහිඳිමින් ධර්මය මෙනෙහි කරන බුදුරදුන්ගේ ශරීරයෙන් ප‍්‍රථම වරට සවනක් ඝන බුදුරැුස් විහිදීම, ලක්දිව ප‍්‍රථම මහණ උපසම්පදාව සිදුවීම ආදී ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූයේ අදවන් වූ පොසොන් පුර පසලොස්වක් පොහෝ දිනකයි.

මේ අතර, ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පොසොන් පණිවිඩය පහතින්👇

පොසොන් පොහෝ දිනය ශ්‍රී ලාංකික ජාතික සංස්කෘතියේ සමාරම්භක දිනය ලෙස චිරාගතව ශ්‍රී ලාංකික බෞද්ධයන් සමරන පූජනීය දිනයයි.

අද එළියට යන අය කලින්ම මේ ගැන දැනුවත් වේලා යන්න..නැතිනම් අමාරුවෙ වැටෙයි..

අද එළියට යන අය කලින්ම මේ ගැන දැනුවත් වේලා යන්න..නැතිනම් අමාරුවෙ වැටෙයි..


විශේෂයෙන් වැව, කෙත, දාගැබ මත ස්වයංපෝෂිත වූ ආර්ථිකයකට මගපෙන්වූ ධර්ම සංවාදය ද දේශපාලන සමාජ සංස්කෘතික සංවාදයද බිහි වූයේ පොසොන් පොහෝ දිනයේ මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයත් සමඟය.

එමෙන්ම ලෞකික ලොව්තුරු මාර්ගය පෙන්වා දුන් ජාතික නේතෘවරයා ලෙස ද උන්වහන්සේ හැඳින්විය හැකිය.

දේශීය පොළොව මත ආහාර නිපදවා ගනිමින් වාද භේද හා මතවාදී අසමානතා පසෙක තබා චුල්ල හත්ථි පදෝපම සූත්‍රය අනු දැන වදාළමින් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේ රාජ්‍ය පාලනය සකස් කිරීමට දුන් ඔවදන මෙම මොහොතේ අපේ ආදර්ශය බවට පත් කර ගත යුතුය.

පියුමි හංසමාලි ගහපු ගේම මාට්ටු වෙයි?..පියුමිගේ හම සුදු කරන ව්‍යපාරයට රතු එළියක්..

පියුමි හංසමාලි ගහපු ගේම මාට්ටු වෙයි?..පියුමිගේ හම සුදු කරන ව්‍යපාරයට රතු එළියක්..


එසේම මිහිඳු මහරහතන් වහන්සේ විසින් අනු දැන වදාළ ධර්ම මාර්ගය ශ්‍රී ලංකාව පත්ව ඇති දේශපාලන, සමාජ හා ආර්ථික ගැටළු නිරාකරණය කර ගනිමින් දියුණු රටක් ගොඩනැඟීමට ඉවහල් කර ගනිමුයැයි මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.

බුදු දහම ආරක්ෂා කරමින් පෝෂණය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම පැවරී ඇති වගකීම නිසි ලෙසම ඉටුකරන බවට සහතික වෙමින් සැමට පිංබර පොසොන් මංගල්‍යයකට සුභාශිංසන එක් කරමි.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%