අභියෝගාත්මක අවස්ථාවේ බෙදී වෙන් නොවී එකට එක් වෙමු

Report

රට මුහුණ දී සිටින අතිශය අභියෝගාත්මක අවස්ථාවේදී ජනතාව විවිධ බෙදීම් ඇති කර නොගෙන එකට එකතු වී පොදු අභියෝගවලට සාර්ථකව මුහුණ දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අද වන විට රටේ සමස්ත ජනතාව අනාරක්ෂිත, අවදානම් සහ අතිභයංකාර අභියෝග රැසකට මුහුණ දෙමින් සිටින බව කී විපක්ෂ නායකවරයා, අසරණ වී සිටින ජනතාව ඒ සියලු අභියෝගවලින් වහා බේරා ගෙන මාතෘභූමියේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාව, සෛවරීත්වය මෙන්ම දේශපාලන නිදහස උපරිමයෙන් සුරක්ෂිත වන ආකාරයේ නව ගමනකට කඩිනමින් මුලපිරිය යුතු බව සඳහන් කළේය.

රජය මගින් 8 වෙනි දින සිට 10 වෙනි දින දක්වා විශේෂ දින තුනක් ප්‍රකාශයට පත් කරයි - හේතුව මෙන්න

රජය මගින් 8 වෙනි දින සිට 10 වෙනි දින දක්වා විශේෂ දින තුනක් ප්‍රකාශයට පත් කරයි - හේතුව මෙන්න

එමෙන්ම රට තුළ වර්තමානයේ පවතින දැඩි අවදානම් සහගත තත්ත්වය තුළ දැඩි පීඩනයකට ලක්ව ඇති මහජනතාව ආරක්ෂා කිරීම සැමගේ වගකීමක් වන අතර, විවිධ දේශීය සහ ජාත්‍යන්තර සිදුවීම් කේන්ද්‍ර කර ගනිමින් රටේ ජනතාවගේ දෛනික ජන ජීවිතය මේ වන විට මහා අසහනයකට පත්ව ඇති බව ද විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

මෙවැනි තීරණාත්මක අවස්ථාවලදී රටේ ජනතාව ජාති, ආගම්, කුලමල, පන්ති හෝ පක්ෂ භේදවලින් තොරව එකට අත්වැල් බැඳගෙන, එකම ජනතාවක් ලෙස සහෝදරත්වයෙන්, එකමුතුභාවයෙන් සහ සංහිදියාවෙන් යුතුව පෙරට ආ යුතු බවත්, රට ඉදිරියේ ඇති පොදු අභියෝග ජයග්‍රහණය කරවන්නට සැවොම අවංකව කැපවිය යුතු යැයි ද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලෙයි සියදිවි නසාගැනීමේ අවදානමක

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලෙයි සියදිවි නසාගැනීමේ අවදානමක