නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ පිරිසක් අත්අඩංගුවට

Report

පසුගිය මැයි මස 16 වෙනිදා සිට 31 වෙනිදා දක්වා වූ සති දෙකක කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවන් තුළ නීති විරෝධී ක්‍රම සහ උපකරණ භාවිත කරමින් ධීවර කර්මාන්තයේ නිරත වූ පුද්ගලයින් 44 දෙනෙකු විශේෂ මෙහෙයුම් මඟින් අත්අඩංගුවට ගැනීමට සමත්වූ බව නාවික හමුදාව ප්‍රකාශ කරයි.

මෙම වැටලීම්වලදී සැකකරුවන් භාවිත කළ ඩිංගි යාත්‍රා අටක්, කැනොයි යාත්‍රා දෙකක් සහ නීතිවිරෝධී ධීවර නිෂ්පාදන ප්‍රවාහනය කිරීමට යොදාගත් ට්‍රැක්ටර් රථ හතක් ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.

1990 සේවකයින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට විරෝධයක්

1990 සේවකයින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට විරෝධයක්

නැගෙනහිර සහ උතුරු නාවික විධාන විසින් ඒකාබද්ධව සිදුකළ මෙම විශේෂ ආරක්ෂක මෙහෙයුම්, ත්‍රිකුණාමලය පනිචන්කේනි, සෝබා දූපත, පොල්මල්කුඩා, කින්නියා, සූඩයිකුඩා, ඔට්ටමාවඩි, අලම්පිල්, පුඩුවකට්ටු සහ යාපනය චුන්ඩිකුලම් වෙරළ මෙන්ම ඒ අවට මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි ඉතා විධිමත්ව ක්‍රියාත්මක කර ඇත.

නාවික හමුදා භාරයට ගත් මෙම සැකකරුවන්, ඔවුන් සන්තකයේ තිබූ නීතිවිරෝධී මුහුදු කුඩැල්ලන් තොගය, වාණිජ පුපුරණ ද්‍රව්‍ය, භාවිතය තහනම් කරන ලද ධීවර ආම්පන්න, ට්‍රැක්ටර් රථ සහ ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩකලපුව, කොඩ්බේ, මුතූර්, වාලච්චේනයි, කුච්චවේලි, මුලතිව් සහ යාපනය යන ප්‍රදේශවල පිහිටි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු දිස්ත්‍රික් කාර්යාලයන් වෙත මෙන්ම පුල්මුඩේ පොලිස් ස්ථානය වෙත ද ආරක්ෂිතව භාරදීමට කටයුතු කළ බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.

රජය මගින් 8 වෙනි දින සිට 10 වෙනි දින දක්වා විශේෂ දින තුනක් ප්‍රකාශයට පත් කරයි - හේතුව මෙන්න

රජය මගින් 8 වෙනි දින සිට 10 වෙනි දින දක්වා විශේෂ දින තුනක් ප්‍රකාශයට පත් කරයි - හේතුව මෙන්න