ලක්ෂ 83කට අධික නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු මාට්ටු

Report

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ 83කට අධික ඉහළ වෙළෙඳපොළ වටිනාකමකින් යුත් චීනයේ නිෂ්පාදිත විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අද පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී සාර්ථකව අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස රේගු අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 35, 38 සහ 50 යන වයස් කාණ්ඩවල පසුවන චීන ජාතිකයින් තිදෙනෙකු බව රේගු වාර්තා සනාථ කරයි.

ඇයි මහාචාර්යතුමාලාට විතරද මේ රටේ රොල්ස් රොයිස් ගේන්න පුළුවන්? ඔහෙලා වගේ ඩීල් දාලා..ගෙන්නපුවා නෙවෙයි - ඩඩ්ලියි ජී.එලුයි ජාත්‍යන්තරේ වලියක්

ඇයි මහාචාර්යතුමාලාට විතරද මේ රටේ රොල්ස් රොයිස් ගේන්න පුළුවන්? ඔහෙලා වගේ ඩීල් දාලා..ගෙන්නපුවා නෙවෙයි - ඩඩ්ලියි ජී.එලුයි ජාත්‍යන්තරේ වලියක්

මෙම සැකකරුවන් තිදෙනා විසින් මෙරට නීතියට පටහැනිව දුම්වැටි 55800ක් අඩංගු කාටූන් 279ක් ඔවුන්ගේ පෞද්ගලික ගමන් මලු 06ක් තුළ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා මෙරටට රැගෙන විත් ඇති අතර, ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් සහ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ විශේෂ පරිලෝකන පරීක්ෂාවකදී මොවුන්ව මෙලෙස වැටලීමට ලක්කර අත්අඩංගුවට ගෙන ඇත.

''ලබන සතියේ අපි අවශ්‍ය තීන්දු ගන්නවා'' බස් ගාස්තු ගැන ගැමුණුගෙන් රතු එළියක්

''ලබන සතියේ අපි අවශ්‍ය තීන්දු ගන්නවා'' බස් ගාස්තු ගැන ගැමුණුගෙන් රතු එළියක්