ලක් මවට තවත් ජාත්‍යන්තර ආඩම්බරයක් - අමෙරිකාවේ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති සිසුවෙකුගෙන් යුනෙස්කෝවට හඬක්
එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිලයේ (ECOSOC) 2026 තරුණ සංසදයට සහභාගී වී අදහස් දැක්වීම වෙනුවෙන් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති 16 හැවිරිදි සිසුවෙකු වන කෙලන් සූරියසේන විශේෂ ආරාධනයක් ලබාගෙන ඇති බව වාර්තා වේ.
ඔහු එක්සත් ජනපදයේ ඩන්බාර් උසස් පාසලේ අධ්‍යාපනය ලබයි.
එසේම ඔහු කොළඹ බ්‍රිතාන්‍ය පාසලේ හිටපු සිසුවෙකු බව ද සඳහන්.
කෙලන් එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිලයේ සභාපති ලෝක් බහදූර් තාපා මහතාගේ ආරාධනයෙන් මෙම ජාත්‍යන්තර සංසදයට එක්ව තිබෙනවා.
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - මෙවර සා.පෙළ විභාගයට ඉල්ලුම් කිරීමට අපේක්ෂිත සියලුම අයදුම්කරුවන් වෙත
එහිදී ඔහුට එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍ය නියෝජිතයන් සහ ලොව පුරා සිටින තරුණ නායකයන් සමඟ සංවාදවලට එක්වීමට අවස්ථාව හිමිව ඇත.
එමෙන්ම තිරසාර සංවර්ධන ඉලක්ක වෙනුවෙන් වන 2030 න් පසු න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාමට ද ඔහු සිය දායකත්වය ලබා දී ඇති බව සඳහන්.
කෙසේ වෙතත් කෙලන්ගේ මෙම පරිසර සංරක්ෂණ සහ තරුණ බලගැන්වීමේ ගමන ආරම්භ වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සහ එය වෙරළබඩ පරිසරයට හා සාගර ජීවීන්ට ඇති කරන බලපෑම් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි.