අශෝක රන්වලගේ අනතුර ගැන පොලිස් විමර්ශන ඇරඹේ - බීලද කියලත් පරීක්ෂණයක්

Report

හිටපු කථානායක සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ධාවනය කළ ජීප් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ඊයේ (11) ප.ව. 7.45ට පමණ සපුගස්කන්ද දෙනිමල්ල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිස් ස්ථානය විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.ඒ. වුට්ලර් මහතා අද (12) පෙරවරුවේ මාධ්‍ය සාකච්ඡාවකදී තහවුරු කළේය.

අනතුරින් තුවාල ලබා මෝටර් රථයේ සිටි 25 හැවිරිදි කාන්තාවක් සහ 55 හැවිරිදි මිත්තනියක කොළඹ ජාතික රෝහලේද, මාස 6ක් පමණ වයසැති බිලිඳිය රිජවේ ආර්යා ළමා රෝහලේද නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්, මන්ත්‍රී අශෝක රන්වල මහතාද තුවාල ලබා රාගම ඉංස්ටිටියුට් ඔෆ් මෙඩිසින් (රාගම රෝහල)හි නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

හිටපු කථානායක අශෝක රන්වල මුහුණදුන් රිය අනතුර ගැන තවත් දර්ශන පෙළක්

හිටපු කථානායක අශෝක රන්වල මුහුණදුන් රිය අනතුර ගැන තවත් දර්ශන පෙළක්

මෙම අනතුරේදී රියදුරන් (විශේෂයෙන් මන්ත්‍රී අශෝක රන්වල මහතා) බීමත්වී සිටිද යන්න පරීක්ෂා කිරීම සඳහා වෛද්‍ය වාර්තාවක් කැඳවා ඇති බවත්, එහි ප්‍රතිඵල මත තනතුර් තරාතිරම් බාධාවකින් තොරව සම්පූර්ණ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු අවධාරණය කළේය. "අපි කිසිම දේශපාලන බලපෑමකින් තොරව විමර්ශනය කරනවා. වෛද්‍ය වාර්තාව අද (12) දහවල් වන විට ලැබෙනු ඇති," යනුවෙන් වුට්ලර් මහතා පැවසුවේය.

ඊයේ (11) මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ගත් පොලිස් උත්සාහය ඔහුගේ රෝහල්ගත වීම නිසා ව්‍යර්ථ වූ බවත්, අද එය සිදුකිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු සඳහන් කළේය. මේ දක්වා කිසිවකු අත්අඩංගුවට ගැනීමක් සිදුව නොමැති බවද තහවුරු විය.

අනතුරට සම්බන්ධ ජීප් රථය, මෝටර් රථය සහ යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර, සම්පූර්ණ විමර්ශනය සපුගස්කන්ද පොලිස් ස්ථානය මගින් සිදුවේ. 

නුවරඑළියට රාත්‍රී ගමන් එපා - දිස්ත්‍රික් ලේකම්ගෙන් රියදුරන්ට ඉල්ලීමක්

නුවරඑළියට රාත්‍රී ගමන් එපා - දිස්ත්‍රික් ලේකම්ගෙන් රියදුරන්ට ඉල්ලීමක්