අල්ලස් ගත් පොලිස් සැරයන් අත්අඩංගුවට ...
By Parami Dissanayake
රුපියල් 5,000ක අල්ලසක් ලබාගැනීමේ චෝදනා මත පොතුහැර පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ ය.
නීතිවිරෝධි මත්පැන් සම්බන්ධ නඩුවක් පවතින පුද්ගලයෙකුට එම තොරතුරු ඇතුළත් කිරීමෙන් තොරව පොලිස් වාර්තාවක් ලබා දීමට අවශ්‍ය කටයුතු සිදුකර දීම සඳහා මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට ලද පැමිණිල්ලක් අනුව පොතුහැර පොලිස් ස්ථානය ඉදිරිපිටදී අල්ලස් මුදල ලබා ගන්නා අවස්ථාවේ සැකකාර පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකාර පොලිස් සැරයන්වරයා පොල්ගහවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් ය.