බදාදා රජයේ නිවාඩු දිනයේ මේවා කරොත් අත්අඩංගුවට
මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් මෙරට ඉන්ධන සංචිත කළමනාකරණය කිරීම සඳහා රජය අද (25) දින විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබියදී, එම නියෝග නොතකා හැටන් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය උපකාරක පන්තියක් වහාම නතර කිරීමට හැටන් පොලිසිය පියවර ගෙන තිබේ.
ඒ අනුව හැටන් හිජිරාපුර ප්‍රදේශයේ අවම පහසුකම් සහිත ස්ථානයක මෙම පන්තිය පවත්වන බවට ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව, හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ආර්.ඒ.ඩී. සුගතදාස මහතා ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම සිදු කර ඇත.
එහිදී අනාවරණය වී ඇත්තේ හැටන් නගරයේ ප්‍රධාන දෙමළ පාසලක ගුරුවරුන් දෙදෙනෙකු විසින් මෙම පන්තිය මෙහෙයවා ඇති බවයි.
පවතින තත්ත්වය හමුවේ රජය විසින් පාසල් නිවාඩු ලබා දී ඇති අතර, බාහිර උපකාරක පන්ති නොපවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ද විශේෂ චක්‍රලේඛයක් මඟින් උපදෙස් දී තිබිණි. එම උපදෙස් උල්ලංඝනය කරමින් පන්ති පැවැත්වීම හේතුවෙන් පොලිස් නිලධාරීන් අදාළ ගුරුවරුන් දැනුම්වත් කර, එහි සිටි සිසුන් වහාම නිවෙස් කරා පිටත් කර යැවීමට පියවර ගෙන තිබේ.
මෙම උපදෙස් පිළිපදින්නැති පුද්ගලයන්ට දැඩි නිතීමය ක්‍රියාමාර්ග ගැනීමට පොලිසිය සුදානම්.