මේ පාසල් සිසුන්ට සුබම සුබ අරංචියක් - රජයෙන් නොමිලේ විශේෂ පරිත්‍යාගයක්
2026 වසරේදී පාසල් සිසුවියන් වෙනුවෙන් සනීපාරක්ෂක තුවා ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
ඒ අනුව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස කටයුතු කරන අග්‍රාමාත්‍යතුමිය විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව මඟින් පාසල් සිසුවියන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම අපේක්ෂා කෙරේ.
ඒ අනුව රජයේ පාසල්වල 6 ශ්‍රේණියෙන් ඉහළ ඉගෙනුම ලබන වැඩිවියට පත් සියලුම සිසුවියන් සහ රජයේ උපකෘත විශේෂ පාසල්වල සිසුවියන් ඇතුළුව මිලියන 1.05කට ආසන්න පිරිසකට මෙම ප්‍රතිලාභය හිමි වනු ඇත.
මෙම වැඩසටහන යටතේ එක් සිසුවියක් වෙනුවෙන් වාර්ෂිකව රුපියල් 1,440ක වටිනාකමකින් යුත් තිළිණ පත් (Vouchers) ලබා දීමට සැලසුම් කර ඇති අතර, එය රුපියල් 720 බැගින් වූ කොටස් දෙකකින් ලබා දීමට නියමිතය.
මෙම තිළිණ පත් භාවිතා කරමින් සිසුවියන්ට තමන් කැමති සන්නාමයක සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමේ අවස්ථාව හිමි වන අතර, රුපියල් 120 බැගින් වූ පැකට් 12ක් හෝ රුපියල් 180 බැගින් වූ පැකට් 08ක් වශයෙන් තම අවශ්‍යතාව පරිදි වසරක් පුරා ඒවා ලබා ගැනීමට මෙය උපකාරී වේ.