මතුගම ප්‍රාදේශිය සභාවේ උණුසුම් තත්ත්වයක් - සභාපතිව කාමරේට දාලා ලොක් කරලා පෝලීසියටත් බාධා [VIDEO]
ඒ අනුව පොලිසිය කාර්යාලය වෙත පැමිණීමත් සමඟ ප්‍රාදේශීය සභා සේවකයින් විසින් සභාපතිවරයා ඔහුගේ නිල කාමරය තුළට දමා එය අඟුළු දා වසා දැමීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
එමෙන්ම පොලිස් වාහන ප්‍රාදේශීය සභා භූමියෙන් පිටතට යාමට නොහැකි වන පරිදි, සභාවට අයත් වාහන මාර්ගය අවහිර කර නවතා තැබීමට ද සේවකයින් කටයුතු කර තිබේ.
මෙම සිදුවීම් අතරතුර ප්‍රාදේශීය සභා සේවකයින් පොලිසියේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් විරෝධතා පුවරු අතැතිව විරෝධතාවක නිරත වූ බවද වාර්තා වේ.
එම හේතුවෙන් කාර්යාල පරිශ්‍රය තුළ තත්ත්වය තවත් උණුසුම් වී තිබුණි. මෙම සිදුවීමට පෙර මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම් නෙලූ නිශාන්ති ඉද්දගොඩ විසින් සභාපතිවරයාට එරෙහිව මතුගම පොලිසිය වෙත පැමිණිල්ලක් සිදුකර තිබූ බවද අනාවරණය වී ඇත.
කෙසේ වෙතත් පවතින උණුසුම් තත්ත්වය මධ්‍යයේ වුවද, අවසානයේ මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහ පොලිස් භාරයට ගැනීමට පොලිසිය කටයුතු කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් මතුගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.