මහින්දගෙ ලඟින්ම හිටිය කට්ටියක්.. අද යන්නම ගිහින්.. යන්න යනකොටම වෙලා තියෙන දෙය මෙන්න..(PHOTO)

Mahinda Rajapaksa Sri Lanka Politician Sri Lanka Podujana Peramuna Latest Headlines Decision Making
By krishani Dec 13, 2024 12:17 PM GMT
krishani

krishani

Report

මේ වනවිට සමාජය තුළ දැඩි කතා බහක් මතුව තිබෙනවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සඳහා සිටි නිලධාරීන් කප්පාදු කිරීම සම්බන්ධව.

හැමෝටම ප්‍රශ්නයක් වුණ, මාලිමා මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් උඩු දුවයි.. ඒ ගමන නොහිතපු දෙයක් කරන්න යයි..

හැමෝටම ප්‍රශ්නයක් වුණ, මාලිමා මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් උඩු දුවයි.. ඒ ගමන නොහිතපු දෙයක් කරන්න යයි..

දෙයියනේ.. කෑවයින් කෑවේ නෑ මෙහෙම මාළු මිරිස්.. බඩ පපුවත් දාල ගියා.. ගාණ අහලා.. සැරටම..

දෙයියනේ.. කෑවයින් කෑවේ නෑ මෙහෙම මාළු මිරිස්.. බඩ පපුවත් දාල ගියා.. ගාණ අහලා.. සැරටම..

එවන් පසුබිමක, ආරක්ෂාව සඳහා සිටි පොලිස් නිලධාරීන් පිරිසක් අද (13) එම රාජකාරී කටයුතු අවසන් කරමින් හිටපු ජනාධිපතිවරයාගේ කොළඹ විජේරාම පිහිටි නිල නිවසින් පිටත්ව ගියේ ය.

එලෙස, පිටත්ව ගිය ආරක්ෂක නිලධාරීන් සමඟ හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේ ය. 

කෙසේ වෙතත්, එම සමූහ ඡායාරූපය සිය නිල ෆේස්බුක් ගිණුමට එක්කරමින් හිටපු ජනාධිපතිවරයා විශේෂ සටහනක් තබමින් ඔවුන් කළ සේවාවට ස්තූතිය පුද කර තිබෙනවා.

උපුටා ගැනීම,

"වසර ගණනාවක් පුරා මාගේ සෙවනැල්ල සේ ඉතා ම සමීපව, ළෙංගතුව මෙන්ම විශ්වාසනීය ව තම රාජකාරි ඉටු කරමින් මගේ සහ මගේ පවුලේ සාමාජිකයන්ගේ ජීවිත ආරක්ෂා කරදීම උදෙසා ඉමහත් කැපකිරීම් කළ ඔබ සැමට මගේ හෘදයාංගම ස්තූතිය සහ ප්‍රණාමය ප්‍රකාශ කරමි. රාජ්‍ය සේවයට අවංක ඔබ වැනි විශිෂ්ට නිලධාරින්ගේ සේවය සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේ අභිමානය තව තවත් ඔප්නංවන බව මාගේ විශ්වාසයයි. ප්‍රභූ ආරක්ෂක රාජකාරිය තුළ ඔබ විසින් ඉටු කළ සේවය ගෞරවාන්විත හා විශිෂ්ට සේවයක් බව මා මේ මොහොතේ දී සිහිපත් කරමි. ඔබ සැම ඇතුළු පවුල්වල පිරිසගේ ද විශ්ෂයෙන්ම ඔබේ දුවා දරුවන්ගේ ද අනාගත කටයුතු සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරමින්, මෙපමණ කාලයක් පුරාවට මා සමඟ සිටි මාගේ නිල දරුවන්ට නැවත වරක් ස්තූති වන්ත වෙමි. ඔබ සැමට තෙරුවන් සරණයි."

උපුටා ගැනීම අවසන්

You May Like This Video👇 


Gallery
ReeCha