මාලිමා ලොක්කෙක් පොලිසියේ යකා නටයි - ප්‍රබලයා චෝදනාව ප්‍රතික්ෂේප කරයි

Report

පොලිස් නිලධාරීන් පිරිසක් හා බලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති අනුරුද්ධ මහවැලි මහතා (ජාතික ජන බලවේගය) අතර ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් අහුන්ගල්ල පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

පොලිස් නිලධාරීන්ගේ පැමිණිල්ලට අනුව අදාළ මුහුණ ආවරණය වන පරිදි හිස්වැසුම් පැළඳ සිටි යතුරුපැදිකරුවකු නතර කර ලියකියවිලි පරීක්ෂා කිරීමට යාමේදී ඔහු තමා සභාපතිවරයා බව පවසා නිලධාරීන්ට බැණ වැදී ඇත.

නාමල් හා ශිරන්ති CIDයට - නිකුත් වූ සිතාසි - හේතුව මෙන්න

නාමල් හා ශිරන්ති CIDයට - නිකුත් වූ සිතාසි - හේතුව මෙන්න

පොලිසිය වැඩිදුරටත් සදහන් කරන්නේ ලියකියවිලි නොමැතිව යතුරුපැදිය ධාවනය කළ නොහැකි බව පවසමින් එය පොලිස් ස්ථානයට රැගෙන ආ අවස්ථාවේදී, සභාපතිවරයා අශෝභන ලෙස හා කලහකාරී ලෙස හැසිරුණු බවයි.

අදාල නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ සභාපතිවරයාගේ මෙම හැසිරීම තම ජංගම දුරකථන මගින් වීඩියෝ ගත කළ බවත්, ඒවා විමර්ශන සඳහා ඉදිරිපත් කරන බවත්ය.

දයාසිරි ජයසේකරට ලොකු ප්‍රශ්ණයක් - ලෝක නඩුවක පැටලෙයි

දයාසිරි ජයසේකරට ලොකු ප්‍රශ්ණයක් - ලෝක නඩුවක පැටලෙයි

නමුත් තමා පොලිස් අණට කීකරු වී යතුරුපැදිය නතර කළ බවත් තමා කවුදැයි හඳුන්වා දුන් පසුවත් නිලධාරීන් එය නොතකා තමා අපහසුතාවට පත් කළ බවත්, රියදුරු බලපත්‍රය ඇතුළු ලියකියවිලි නිලධාරීන් භාරයට ගත් බවත් අනුරුද්ධ මහවැලි මහතා පවසයි.

ලේඛන නොමැතිව යතුරුපැදිය ධාවනය කළ නොහැකි බැවින් එය පොලිසියට භාර දී තමා නිල රථයෙන් පිටව ගිය බවත්, එහිදී තමා කලහකාරී ලෙස හැසිරුණු බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් සභාපතිවරයා පවසා ඇත.

සුළු මොහොතකට පෙර බිහිසුණු අනතුරක් - මගී නෞකාවක් මුහුද මැද පෙරලෙයි

සුළු මොහොතකට පෙර බිහිසුණු අනතුරක් - මගී නෞකාවක් මුහුද මැද පෙරලෙයි

දෙපාර්ශවය විසින්ම ඉදිරිපත් කරන ලද පැමිණිලිවලට අදාළව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා අහුන්ගල්ල පොලිසිය විසින් එම ලිපිගොනු අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරී කාර්යාලය වෙත යොමු කර ඇත