පහර දී මුදල් කොල්ල කෑ පොලිසියේ තුනකට වැඩ වරදී.
පුද්ගලයෙකුට පහර දී ඔහු සතු මුදල් කොල්ල කෑ පොලිස් සැරයන් සැරයන්වරයෙකු, පොලිස් කොස්තාපල් රියැදුරකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මඩකලපුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් ය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එරාවුර් පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරීන් තිදෙනෙක් ය.
මෙම සැකකාර නිලධාරීන් තිදෙනා විසින් පසුගිය නව වැනිදා රාත්‍රියේ එරාවූර් නගරයේ මාර්ගයක යමින් සිටි පුද්ගලයෙකුගේ හැඳුනුම්පත නොමැති වීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී ඔහු සතුව තිබූ රුපියල් 6500ක මුදලක් මෙම නිළධාරීන් විසින් කොල්ල කා ඇත.
එමෙන්ම කොල්ල කෑමට ලක් වූ පුද්ගලයා මඩකලපුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත පවසා ඇත්තේ නීතිය ක්‍රියාත්මක නොකිරීමට රුපියල් 20,000 ක අල්ලස් මුදලක් ද ඉල්ලා ඇති බවයි.
කෙසේ වෙතත් එම කොල්ල කන මුදලින් රුපියල්1500 ක මුදලක් පොලිස් නිලධාරීන් විසින් නැවත ඔහුට ලබා දී ඇති බව ද වාර්තා වේ.
