අපරාධකරුවන් 67 ට රතු නිවේදන, හැංගිලා ඉන්න තැනුත් දන්නවා - ආනන්ද විජේපාල

Ministry of Defense Sri Lanka Law and Order Ananda Wijepala Sinhala news Breaking News
By Kaushi Jul 27, 2025 12:21 PM GMT
Kaushi

Kaushi

Report

මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් විදේශගතව සැඟවී සිටින ශ්‍රී ලාංකික අපරාධකරුවන් 67 දෙනෙක්ට විරුද්ධව රතු නිවේදන නිකුත් කර ඇති බව නිවේදනය කර ඇත.

ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෙම සැකකරුවන් බොහෝ දෙනෙක් ව්‍යාජ ගමන් බලපත්‍ර භාවිත කරමින් විදෙස්ගත වී ඇති බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළා.

පිරිමි වෙන්න ඇති හැබැයි අපිට තරම් බෑ, ඒ නිසා දැඟලුවට අපිට ප්‍රශ්නයක් නෑ - හරිනි අමතයි

පිරිමි වෙන්න ඇති හැබැයි අපිට තරම් බෑ, ඒ නිසා දැඟලුවට අපිට ප්‍රශ්නයක් නෑ - හරිනි අමතයි

එසේම අමාත්‍යවරයා පැවසුවේ බුද්ධි අංශ විසින් ඔවුන්ගෙන් බහුතරයක් දැනට වාසය කරන රටවල් හඳුනාගෙන ඇති බවයි.

අඳාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සහ ඔවුන් මෙරටට පිටුවහල් කර ගැනීමට අදාළ රටවල විදේශ අමාත්‍යාංශ සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන සමඟ රජය සමීප සම්බන්ධීකරණයෙන් කටයුතු කරන බව සඳහන්.

එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙම වැඩසටහන යටතේ ඉකුත් මාස කිහිපය තුළ සැකකරුවන් 20 දෙනෙක් පමණ මේ වන විටත් මෙරටට ගෙන්වා ගැනීමට හැකි වී ඇති බවයි.

හැඟීම් නිසා මාව රැවටුණා,ගෙදරට පිරිමි කෙනෙක් නැහැනේ..අම්මා මේ දවස්වල මට ප්‍රපෝසල් හොයනවා - පියුමිටත් මංගල සීනු

හැඟීම් නිසා මාව රැවටුණා,ගෙදරට පිරිමි කෙනෙක් නැහැනේ..අම්මා මේ දවස්වල මට ප්‍රපෝසල් හොයනවා - පියුමිටත් මංගල සීනු

මේ අතර මෙරට සිදු වූ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කොන්ත්‍රාත් ඝාතන කිහිපයක් විදෙස්ගත පුද්ගලයන් මෙහෙයවා ඇති බවට විමර්ශන මගින් හෙළි වී ඇත.

එබැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ජාලයන් සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන බව සඳහන්.

තවද මෙම පළාගිය අපරාධකරුවන්ට ව්‍යාජ ගමන් බලපත්‍ර නිකුත් කිරීමෙන් ආධාර කළ බවට සැක කරන ඇතැම් ආගමන විගමන නිලධාරීන් පිළිබඳව වෙනම විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.

මෙන්න විශේෂ නිවේදනයක්, මීට පස්සේ මෙහෙම චෙක් දුන්නොත් ඉවරයි

මෙන්න විශේෂ නිවේදනයක්, මීට පස්සේ මෙහෙම චෙක් දුන්නොත් ඉවරයි

"පිරිමි දෙන්නෙක් දරුවෝ හදන්නේ කොහොමද? සමලිංගික විවාහයන්ට මම විරුද්ධයි"

"පිරිමි දෙන්නෙක් දරුවෝ හදන්නේ කොහොමද? සමලිංගික විවාහයන්ට මම විරුද්ධයි"

ReeCha