මාලිමා ආණ්ඩුව ලක්ෂ 1840 ට තිබුණු ටෙන්ඩරේ ලක්ෂ 280 ට බස්ස ගෙන
වසර 13 ක් රුපියල් ලක්ෂ 1840 කට දී තිබූ ටෙන්ඩරයක් නව රජය බලයට පත්වීමෙන් පසු රුපියල් ලක්ෂ 280 ට බස්සා ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව වරාය සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා ප්‍රකාශ කළේ රියැදුර බලපත්‍ර මුද්‍රණයේ දී භාවිතා කරන මෘදුකාංග නඩත්තු කොන්තරාත්තුවට අඳාළ පිරිවැය සැලකිය යුතු මට්ටමකින් අඩුකරගත් බවයි.
එසේම නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති ආකාරයට, අදාළ කොන්ත්‍රාත්තුව වසර දහතුනක් පුරා අඛණ්ඩව ලබා දී ඇත්තේ වාර්ෂිකව රුපියල් ලක්ෂ 1840ක මිලකට බව පවසයි.

හැඟීම් නිසා මාව රැවටුණා,ගෙදරට පිරිමි කෙනෙක් නැහැනේ..අම්මා මේ දවස්වල මට ප්‍රපෝසල් හොයනවා - පියුමිටත් මංගල සීනු
තවද අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ විනිවිද පෙනෙන ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ඔස්සේ ලබා දී තිබෙන නව ටෙන්ඩරයට අනුව අඳාළ පිරිවැය රුපියල් ලක්ෂ 280 දක්වා පහත දමා ගැනීමට හැකි වූ බවයි.