ගෙල සිර කොට කාන්තාවන් තිදෙනෙක්ව ඝාතනය කරලා.

Sri Lanka Police Crime
By krishani සති 1 කට පෙර
krishani

krishani

Report

කාන්තාවන් තිදෙනෙකු ගෙල සිරකර ඝාතනය කර දේපළ කොල්ල කෑමේ සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයෙකු ඇල්පිටිය - අවිත්තාව ප්‍රදේශයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 හැවිරිදි යගිරල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී කොල්ලකන ලද රන්මාලයක්, කරාබු ජෝඩු 03ක්, ජංගම දුරකථනයක් පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු සම්බන්ධයෙන් මතුගම, කළුතර සහ ඇල්පිටිය මහෙස්ත්‍රාත් අධිකරණ වලද නඩු පවතින බව අනාවරණය වී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්.

වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.