හොරෙන්ම හොරකමේ ගිය කෝටිපතියා - මීට පෙරත් ඒකම කරලා..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Oct 02, 2023 01:42 PM GMT
krishani

krishani

Report

සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව ගොඩගම කෝටිපති ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස සොරකම් කර ඇත්තේ ලිහිසි තෙල් කෑන් එකක් වන අතර ඔහු මීගොඩ බටවල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි වියේ පසුවන කෝටිපති ව්‍යාපාරිකයෙක් ය.

අදාළ ව්‍යාපාරිකයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ සිය ව්‍යාපාරික ස්ථානය ආසන්නයේ පිහිටි වාහන සේවා සපයන ආයතනයකින් රුපියල් 12,000ක් වටිනා ලිහිසි තෙල් කෑන් එකක් සොරකම් කර ඇති බවට ලද පැමිණිල්ලකට අනුවයි.

මේ වන විට ඔහු විසින් ලිහිසි තෙල් කෑන් එක සොරකම් කර රැගෙන ගිය බවට පැවසෙන සුඛෝපභෝගී රථය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එම වාහන සේවා සපයන ආයතනයේ ඔහුට සහය ලබා දී ඇති සේවකයෙකු ප්‍රදේශයෙන් පළාගොස් ඇත.

එම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත.

මීට පෙරද මේ අයුරින් අදාළ ව්‍යාපාරිකයා ලිහිසි තෙල් කෑන් සොරකම් කර ඇති බව වාහන සේවා සපයන ආයතනයේ හිමිකරු පොලීසියට පවසා ඇත.

කෙසේ වෙතත්, අත්අඩංගුවට ගත් සැකකාර ව්‍යාපාරිකයා සහ සුඛෝපභෝගී රථය හොමාගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

ReeCha