ජපන් යන්න ආසාවේ හොරෙන්ම කටුනායක ජපන් යන ප්ලේන් එකකට නැගලා ෂීට් එකක වාඩිත් වෙලා - කිසිම ලේඛනයක් අතේ තිබිලා නෑ.. ජපන් යන්න හැදුව ඔහුට අවසානයේ සිදුවුණ දේ..

Bandaranaike International Airport Sri Lanka
By krishani Oct 02, 2023 10:46 AM GMT
krishani

krishani

Report

කටුනායක ගුවන් තොටුපලට රහසිගතව ඇතුලු වී ජපානය බලා පිටත්ව යාමට නියමිතව තිබූ ගුවන් යානයක අසුන්ගෙන සිටිය දී පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි, අත්අඩංගුවට ගත් පුද්ගලයා සම්බන්ධයෙන් වහාම විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරන්නැයි මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික සිල්වා නියෝග කළේ ය.

ඔහුව ඊයේ (01) වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කෙරුණේ වත්තල - හැඳල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ය.

සැකකරු කළක් ජපානයේ රැකියාව කර පසුව විවාහ වීම සඳහා මෙරටට පැමිණ තිබෙනවා. 

පසුව යළි ජපානයට යන බවට බිරිඳට පවසා පසුගිය 30 වනදා නිවසින් පිටත්ව ගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත.

කෙසේ වෙතත්, ජපානයට යාම සඳහා කිසිදු ලේඛනයක් ඔහු සතුව තිබී නොමැති බවට අනාවරණය වී තිබෙනවා.

ReeCha