"ඉන්නවකෝ තමුසෙට හොද වැඩක් කරන්න.." - පෙම්වතියගේ නිරුවත් ඡායාරූප විශාල කරලා ඇයගේ නිවස ඉස්සරහට ගෙන ගොස් පෙම්වතෙක් කරපු අමුතුම දේ..
සිය පෙම්වතිය අමනාප වූවා යැයි ඇයගේ නිරුවත් ඡායාරූප විශාල කර ඇයගේ නිවස ඉදිරිපිට ගේට්ටුවෙ ඇල වූ පෙම්වතෙක් සම්බන්ධයෙන් පුවතක් වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් අදාළ තරුණයාව අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය සඳහන් කළේ ය.
තරුණියගේ තවත් නිරුවත් ඡායාරූප 4 ක් විශාල කර සකසා තිබිය දී සැකකරු සන්තකයේ තිබී හමු වී තිබෙනවා.
එමෙන්ම නිරුවත් ඡායාරූප ඇතුළත් කර තිබූ ලැප්ටොප් පරිගණකයක් ද පොලිස් භාරයට ගෙන ඇත.
23 හැවිරිදි පැමිණිලිකාරිය හා සැකකරු මහරගම ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කර ඇත.
පොලිසිය පැවසුවේ පාසල් මිතුරෙකු වූ සැකකරු සමඟ මීට වසර එකහමාරකට පමණ ඉහත දී මෙම පෙම් සබඳතාවය ආරම්භ කර ඇති බවයි.
එහිදී දෙදෙනා සමීප සම්බන්ධතා පවත්වා ඇති අතර ඡායාරූප ද ලබාගෙන තිබී ඇත.
සැකකරුගේ නොගැලපීම් හේතූන් මත පැමිණිලිකාරිය සැකකරුව මගහැර ඇති අතර එයට සැකකරු උරණ වී ඇත.
පසුව සැකකරු ඇයගේ මුහුණ සහිත නිරුවත් ඡායාරූපයක් සංස්කරණය කර එය ඒ ෆෝ කොළයකට ගෙන විශාල කර පැමිණිලිකාරිය පදිංචි නිවසේ ගේට්ටුවෙ අලවා තිබෙනවා.
එය දුටු පැමිණිලිකාරිය එයත් රැගෙන පැමිණ කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේ ය.
