සමාජ මධ්‍ය භාවිතා කරන ඔබේ දරුවා ගැන අවදානෙන් ඉන්න..බලන්න සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය කරලා තියෙන දේ..

Sri Lanka Police Sri Lanka Drugs Social Media
By Piyumika Sep 15, 2024 07:53 AM GMT
Piyumika

Piyumika

Report

වැලිගම හෝටලයක සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය කළ මත්ද්‍රව්‍ය සාදයක් අතරතුර පොලිසිය විසින් තරුණයින් 25ක් අත්අඩංගුව ගෙන තිබේ.

ජනාධිපතිවරයකු ඇතුළු රජයේ ප්‍රබලයින් පිරිසක් ඝාතන සැලැස්මක් – විදෙස් කුමන්ත්‍රණකරුවන් 06ක් අත්අඩංගුවට..

ජනාධිපතිවරයකු ඇතුළු රජයේ ප්‍රබලයින් පිරිසක් ඝාතන සැලැස්මක් – විදෙස් කුමන්ත්‍රණකරුවන් 06ක් අත්අඩංගුවට..

පොලිස් මාධ්‍ය අංශය පැවසුවේ අදාළ අත්අඩංගුවට ගැනීම ඊයේ රාත්‍රියේදී සිදු වු බවය. මාතර කොට්ඨාශ දුෂණ මර්ධන අංශයට ලද තොරතුරක් මත වැලිගම හෝටලයේ පැවැති සාදය පරික්ෂාවට ලක් කර ඇත.

එම සාදය සඳහා 600 කට ආසන්න පිරිසක් සහභාගී වි තිබෙනවා. එහිදී පොලිසිය විසින් පරික්ෂා කිරිමේදී ගංජා සන්තයේ තබා සිටි තරුණයින් 09 ක් ද, හෑෂ් මත්ද්‍රව්‍ය ළඟ තබා සිටි 08 දෙනෙක් සහ මත් පෙති ළග තබා ගෙන සිටි 08 ක් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියා සිටියේය.

සඟවා තිබියදී සොයා ගත් රුපියල් කෝටි පහකට ආසන්න වටිනාකමකින් යුක්ත කේරළ ගංජා තොගය..(PHOTOS)

සඟවා තිබියදී සොයා ගත් රුපියල් කෝටි පහකට ආසන්න වටිනාකමකින් යුක්ත කේරළ ගංජා තොගය..(PHOTOS)

අත්අඩංගුවට ගත් පිරිස අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සඳහා යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය අංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.