ජනාධිපතිවරයකු ඇතුළු රජයේ ප්‍රබලයින් පිරිසක් ඝාතන සැලැස්මක් – විදෙස් කුමන්ත්‍රණකරුවන් 06ක් අත්අඩංගුවට..

By Piyumika Sep 15, 2024 06:45 AM GMT
Report

රට අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කළ බවට සැක කෙරෙන එක්සත් ජනපද පුරවැසියන් තිදෙනෙක්, ස්පාඤ්ඤ ජාතිකයන් දෙදෙනෙක් සහ චෙක් පුරවැසියෙකු අත්අඩංගුවට ගත් වෙනිසියුලානු බලධාරීන් පවසයි.

නිවසේ තිබු ත්‍රීරෝද රථය ගැන පරස්පර පිළිතුරු ලබා දුන් 'මිහිකතවත්ත ඇපලා' ඇතුළු හතරක් අත්අඩංගුවට ..

නිවසේ තිබු ත්‍රීරෝද රථය ගැන පරස්පර පිළිතුරු ලබා දුන් 'මිහිකතවත්ත ඇපලා' ඇතුළු හතරක් අත්අඩංගුවට ..

වෙනිසියුලානු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඩියෝස්ඩඩෝ කැබෙලෝ පසුවේ මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයින් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ අනෙකුත් ඉහළ නිලධාරීන් ඝාතනය කිරීමට සැලසුම් කරමින් සිටි බවයි.

එරට රජය පැවසුවේ රඳවාගෙන සිටින ස්පාඤ්ඤ ජාතිකයන් දෙදෙනා මැඩ්රිඩ්හි ජාතික බුද්ධි මධ්‍යස්ථානයට සම්බන්ධ බවයි. කෙසේ වෙතත්, ස්පාඤ්ඤ රජයේ ආරංචි මාර්ග එරට මාධ්‍ය වෙත පවසා ඇත්තේ ඔවුන් දෙදෙනා බුද්ධි සංවිධානයට අයත් පුද්ගලයින් නොවන බවයි.

ඝාතනය කිරීමේ කොන්ත්රාත්තුව මිතුරෙකුට ලැබුණු නිසා ජිවිතේ බේරුණු බුහාරි..

ඝාතනය කිරීමේ කොන්ත්රාත්තුව මිතුරෙකුට ලැබුණු නිසා ජිවිතේ බේරුණු බුහාරි..

ඇමරිකාවේ මධ්‍යම බුද්ධි ඒජන්සිය (CIA) මෙම මෙහෙයුම සඳහා නායකත්වය ලබාදෙන බවයි වෙනිසියුලාව චෝදනා කරන්නේ. වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝ, උප ජනාධිපති ඩෙල්සි රොද්‍රිගස්, අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඩියෝස්ඩඩෝ සහ පාලක පක්ෂයේ නායකයින් පිරිසක් ඝාතනය කිරීමට ඉතා පැහැදිලි අරමුණු වී ඇති බවයි වෙනිසියුලාව පවසනුයේ..

කෙසේ වෙතත් එක්සත් ජනපදය එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, වොෂින්ටනය, වෙනිසියුලාවේ දේශපාලන අර්බුදයට ප්‍රජාතන්ත්‍රවාදී විසඳුමක් සඳහා අඛණ්ඩව සහාය දෙන බව පවසා තිබෙනවා.