සඟවා තිබියදී සොයා ගත් රුපියල් කෝටි පහකට ආසන්න වටිනාකමකින් යුක්ත කේරළ ගංජා තොගය..(PHOTOS)

Sri Lanka Police STF Sri Lanka
By Piyumika Sep 15, 2024 07:33 AM GMT
Piyumika

Piyumika

Report

නීති විරෝධී ලෙස හොර රහසේ නිවසක මුළුතැන්ගෙයි සඟවා තිබූ රුපියල් කෝටි පහකට ආසන්න වටිනාකමකින් යුක්ත කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 205ට ආසන්න තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පුත්තලම විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමත් වී තිබුණි.

මේ බලන්නකෝ වෙලා තියන දේ එක පා පහරින් බස් එකක් පෙරලලා ..

මේ බලන්නකෝ වෙලා තියන දේ එක පා පහරින් බස් එකක් පෙරලලා ..

නීති විරෝධී වත්කම් කොට්ඨාශ ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් මෙම හදිසි වැටලීම සිදුකෙරුණි.

පොලිතින් කවර 94ක බහා ඉතා සූක්ෂම ලෙස අසුරන ලද කේරළ ගංජා තොගය ප්‍රධාන සැකකරුගේ නිවසේ මුළුතැන්ගෙයි සඟවා තිබිය දී මෙලෙස සොයා ගැනීමට හැකිවූ බවයි වාර්තා වන්නේ.

ඝාතනය කිරීමේ කොන්ත්රාත්තුව මිතුරෙකුට ලැබුණු නිසා ජිවිතේ බේරුණු බුහාරි..

ඝාතනය කිරීමේ කොන්ත්රාත්තුව මිතුරෙකුට ලැබුණු නිසා ජිවිතේ බේරුණු බුහාරි..

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ රාජාංගනය (06) කොටස යාය 14 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු හතලිස් පස් හැවිරිදි විවාහකයෙකි.

මොහු මෙම ගංජා තොගය නීති විරෝධි ලෙස මන්නාරම ප්‍රදේශයේ සිට හොර රහසේ රැගෙනවිත් තොග අලෙවිය සඳහා නිවසේ ගබඩා කර තිබේ.

මොහු මෙම ගංජා තොගය නීති විරෝධි ලෙස මන්නාරම ප්‍රදේශයේ සිට හොර රහසේ රැගෙනවිත් තොග අලෙවිය සඳහා නිවසේ ගබඩා කර තිබෙනවා.

ජනාධිපතිවරයකු ඇතුළු රජයේ ප්‍රබලයින් පිරිසක් ඝාතන සැලැස්මක් – විදෙස් කුමන්ත්‍රණකරුවන් 06ක් අත්අඩංගුවට..

ජනාධිපතිවරයකු ඇතුළු රජයේ ප්‍රබලයින් පිරිසක් ඝාතන සැලැස්මක් – විදෙස් කුමන්ත්‍රණකරුවන් 06ක් අත්අඩංගුවට..

අදාළ සැකකරු සිය වැඩිමහල් සහෝදරයා සමග එක්ව මෙම කූඨ ජාවාරම වසර ගණනාවක සිට හොර රහසේ සිදුකර ගෙන ගොස් ඇති බවත්, අනුරාධපුර සහ පුත්තලම දිස්ත්‍රික්ක වල මහා පරිමාණයෙන් මෙම කේරළ ගංජා ජාවාරම සිදුකර ගෙන ගොස් ඇති බවත්, සැකකරු විමර්ශන නිලධාරීන් හමුවේ පාපෝච්චාරණය කර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරු වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා රාජාංගනය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර ඇති අතර, සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා.

සඟවා තිබියදී සොයා ගත් රුපියල් කෝටි පහකට ආසන්න වටිනාකමකින් යුක්ත කේරළ ගංජා තොගය..(PHOTOS) | A Suspect Was Arrested With A Stock Of Kg